මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ යටතේ නියාමනය වන්නේ සම්බාහන මධ්‍යස්ථාන 60ක් පමණයි

    ඔක්තෝබර් 28, 2014

    දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නියාමනය යටතේ සම්බාහන මධ්‍යස්ථාන 60ක් ක්‍රියාක්මක වන බවත් ඊට අමතරව ව්‍යාපාර ස්ථාන ලෙස පවත්වාගෙන යනු ලබන සම්බාහන මධ්‍යස්ථාන නියාමනය කිරීමට එම අමාත්‍යාංශයට බලයක් නැති බවත් දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (28) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    මීට අමතරව පළාත් සභා හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි සම්බාහන මධ්‍යස්ථාන ද පවතී. ඒවා නියාමනය කිරීම සම්බන්ධයෙන් පනතේ සඳහන් නො වේ. මේ නිසා නීත්‍යනුකූලව දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට කටයුතු කළ හැකි පරිදි අදාළ පනත සංශෝධනය කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya