මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේ ආගමික වතාවත්වල

    ඔක්තෝබර් 14, 2014

    සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පවරාදීමට යාපනයට ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (14) පෙරවරුවේ නාගදීප පුරාණ රජමහා විහාරස්ථානය වෙත ද ගොස් ආගමික වතාවත්වල නිරත ව ආශිර්වාද ලබා ගත්තේය.


    නාගදීප රජමහා විහාරාධිපති අමරපුර නිකායේ උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද නවදගල පදුමකිත්ති ස්වාමීන් වහසේ ද බැහැදුටු ජනාධිපතිතුමා, උන්වහන්සේගේ සුවදුක් විමසා සුහද පිළිසඳරක නිරත විය. 

    රජමහා විහාරස්ථානයේ ඉදිකෙරුණු රියන් 32ක් උසින් යුත් අභය මුද්‍රාව සහිත බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නිර්මාණ කටයුතු ආරම්භ කිරීම සහ සිතුවම් සහිත නාග ලෝකයේ ඉදිකිරීම් ආරම්භ කිරීම ද ජනපති අතින් සිදු විය.

    පසුව නාගදීප නාගභූෂානී අම්මාන් කෝවිල වෙත ගිය ජනාධිපතිතුමා එහි ආගමික වතාවත්වල නිරත ව ආශිර්වාද ලබා ගත්තේය.

    සිව ශ්‍රී ගනේෂ්වර කුරුක්කල්තුමා විසින් එහි දී විශේෂ පූජාවක් පවත්වා ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කරන ලදී.

    මේ ආගමික ස්ථාන වෙත පැමිණ සිටි බැතිමතුන්ගේ තොරතුරු විමසීමට ද කටයුතු කළ ජනාධිපතිතුමා ඔවුන් සමඟ සුහද පිළිසඳරක ද නිරත විය.

    මේ අවස්ථාවට අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි යන මහත්වරු එක්ව සිටියහ.


    NDH/pmu

    01



    02

     

    03

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya