මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ පණිවුඩය

    ඔක්තෝබර් 06, 2014
    නාගරීකරණය ලොව සංවර්ධිත හා සංවර්ධනය වන රටවල ආර්ථික හා සමාජීය ගැටලු වඩාත් සංකීර්ණ කිරීමට හේතුවී තිබෙන බවත් ලොව බොහෝ රටවලට නාගරීකරණයට අවශ්‍යයෙන්ම විසඳුම් සෙවිය යුතු ගැටලුවක් බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     
    ලෝක ජනාවාස දිනයට සමගාමී ව අප රටේ වැඩසටහන් නිර්මාණය කිරීම සඳහා පු‍රෝගාමී වූ ද සෑම වර්ෂයක ම ලොවට ආදර්ශවත් අයුරින් මෙම දිනය සමරනු ලබන්නා වූ ද ශ්‍රී ලංකාව “ජනාවාස හඬක් ජනසෙවණින් හෙටක්” නම් වූ තේමාව යටතේ මෙවර ලෝක ජනාවාස දිනය සැමරීම වඩාත් කාලෝචිත යැයි සිතමි.
     
    ශ්‍රී ලංකාවේ කොළඹ නගරය හා ඒ අවට නගර ජනාවාසකරණය තුළින් ලබා ඇත්තේ ශීඝ්‍ර දියුණුවකි.
    එයට සමගාමී ව දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන අයුරින් මාර්ග, ජලය හා විදුලිය පහසුකම් ඇතුළු සේවා හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම තුළින් ගම සහ උප නාගරික ප්‍රදේශ වෙතින් අගනුවර වෙත ප්‍රජා සංක්‍රමණය බෙහෙවින් සීමා වී තිබේ. මෙවර ලෝක ජනාවාස දින තේමාව පදනම් කොට දුප්පත් හා අඩු ආදායම්ලාභී ජනතාව මුහුණ දෙන සැබෑ ගැටලු සඳහා විසඳුම් සෙවීමට අවධානය යොමු කර තිබීම ද අගය කළ යුතුය.
     
    මෙම ආදර්ශවත් නාගරික සංවර්ධනය උදෙසා අවශ්‍ය කරන නිවාස හා ජනාවාසකරණයට වැඩි දායකත්වයක් ලබාදීමට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය සහ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන කටයුතු කොට තිබීම මහත් සතුටකි. එය වඩාත් ශක්තිමත් කිරීමට මෙවර ජනාවාස දිනය නිමිතිකොට ක්‍රියාවට නංවන ලද ව්‍යාපෘති තුළින් හැකිවනු ඇති බව මම විශ්වාස කරමි. එම කාර්යය සඳහා මඟ පෙන් වූ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාටත්, නියෝජ්‍ය අමාත්‍යතුමාටත් එහි සාර්ථකත්වයට දායක වූ සැමටත් මාගේ කෘතඥතාව පළ කර සිටිමි.
     
    2014 ලෝක ජනාවාස දින සැමරුම් උළෙල සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya