මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැල්ලවත්ත මයුර පෙදෙස "ලක් මුතු සෙවණ" හෙට ජනතා අයිතියට

    ඔක්තෝබර් 06, 2014
    වැල්ලවත්ත, මයුර පෙදෙස අඩු අදායම්ලාභී මෙන් ම අඩු පහසුකම් නිවාසයන් හි ජීවත් වූ ජනතාව වෙනුවෙන් ඉදි වූ "ලක්මුතු සෙවණ" නිවාස සංකීර්ණය රාජ්‍ය ආරක‍්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් හෙට (07)දා ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
     
    මේ අනුව නිදන කාමර 02ක්, විසිත්ත කාමරයක්, මුළුතැන් ගෙයක්, සඳළුතලයක් හා නවීන සනීපාරක‍්ෂක පහසුකම්වලින් යුක්ත වර්ග අඩි 500 ප්‍රමාණයකින් සමන්විත නිවස බැගින් සියලු දෙනාට හිමි වේ. මෙවැනි නිවාස ඒකක 118කින් "ලක් මුතු සෙවණ" නව නිවාස සංකීර්ණය සමන්විත වන අතර මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 800ක මුදලක් වැය කර ඇත. 
     
    නව නිවාස ලබාදීමට සමගාමී ව පුළුල් හා වැඩිදියුණු කරණ ලද මාර්ග පද්ධතිය, විනෝද උද්‍යාන, ක්‍රීඩා පිටි, ප්‍රජාශාලා, ආදී යටිතල පහසුකම් ද වඩා විධිමත් ව සංවර්ධනය කොට ප්‍රතිලාභ ලෙස ජනතා අයිතියට පත්වීමට නියමිතය.
     
    සමීක්ෂණයක් මගින් හඳුනාගත් අඩු ආදායම්ලාභී අඩු පහසුකම් යටතේ ජීවත්වන කොළඹ නගරයේ ජනතාව වෙනුවෙන් නව නිවාස ඒකක 70,000ක් ඉදිකිරීමට කටයුතු කරන අතර මේ වනවිට නිවාස ව්‍යාපෘති 18ක නිවාස ඒකක 15,000ක් පමණ ඉදිවෙමින් පවතී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya