මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පූජ්‍ය බෙල්ලන ඤාණවිමල මහා නාහිමි ශ්‍රී දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

    ඔක්තෝබර් 06, 2014

    අපවත් වී වදාළ සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ අතිගරු මහා නායක අග්ගමහා පණ්ඩිත, සාහිත්‍යසූරී බෙල්ලන ශ්‍රී ඤාණවිමල හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (06) අවසන් ගෞරව දැක්වීය.

     

    උන් වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති කොල්ලුපිටිය වාළුකාරාම විහාරස්ථානය වෙත අද දහවල් ගිය ජනාධිපතිතුමා ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වා උන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු විහාරස්ථ දායක සභාවන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.

     

    බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා නායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිත ව හෙට (07) කොළඹ දී සිදු කෙරේ.

     

    HC/pmu_pics by: Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya