සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් නම් කෙරේ

    අගෝස්තු 21, 2024

    “පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන)” පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පහත නම් සඳහන් මන්ත්‍රීවරයන් සාමාජික මන්ත්‍රීවරන් වශයෙන් නම්කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(21) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය

    “පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීමසඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) අනුව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රසන්න රණතුංග, ජානක වක්කුඹුර, චාමර සම්පත් දසනායක, නීතිඥ චන්දිම වීරක්කොඩි, මනෝ ගනේෂන්, ඉරාන් වික්‍රමරත්න සහ ජගත් කුමාර සුමිත්‍රාආරච්චි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සාමාජික මන්ත්‍රීවරයන් වශයෙන් තමා විසින් නම් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

    “පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන)” පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) අනුව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නීතිඥ පවිත්‍රාදේවි වන්නිආරච්චි, කාංචන විජේසේකර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, රෝහණ දිසානායක, අනුරාධ ජයරත්න, නීතිඥ චන්දිම වීරක්කොඩි, මනෝ ගනේෂන් සහ ඉරාන් වික්‍රමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සාමාජික මන්ත්‍රීවරයන් වශයෙන් තමා විසින් නම් කරන ලද බවද කථානායකවරයා දැනුම් දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya