මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති රෝමයට ළඟා වේ

    ඔක්තෝබර් 03, 2014

    ඉතාලියේ හා වතිකානයේ තුන් දින චාරිකාව ආරම්භ කරමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඊයේ (02) සන්ධ්‍යාවේ 07.00ට පමණ රෝමයේ ෆියුමිසිනෝ ගුවන් තොටුපළට ළඟා විය.


    ජනාධිපති ආර්යා ශිරන්ති වික‍්‍රමසිංහ රාජපක්‍ෂ මැතිනිය ද එතුමා සමග චාරිකාවට එක් ව සිටින්නීය.


    වතිකානයේ ප‍්‍රධාන සන්ධාන නිලධාරී ජොසේ බෙතන්කෝට් (Jose Bettencourt) මැතිතුමා, ඉතාලියේ ශ‍්‍රී ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ, ශුද්ධාසනයේ ශ‍්‍රී ලංකා තානාපති සහ ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ යන මහත්වරු ජනාධිපතිතුමා ගුවන් තොටුපළේ දී හරසරින් පිළිගත්හ.


    ජනාධිපතිතුමා අද (03) අපෝස්තොලික මාලිගයේ දී ශුද්ධෝත්තම පළමු වැනි ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ බැහැදකියි. ශුද්ධෝත්තම පාප් වහන්සේ ලබන වසරේ ජනවාරියේ දී ශ‍්‍රී ලංකාවෙහි චාරිකාවක නිරතවීමට නියමිත ය.


    VI වැනි පාවුළු පාප් වහන්සේ 1970 දී ද, II වැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ 1995 දී ද ශ‍්‍රී ලංකාවේ චාරිකා කළහ.


    අග විනිසුරු මොහාන් පීරිස්, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා, රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය දයාශ‍්‍රිත තිසේරා, විදේශ නියෝජ්‍ය අමාත්‍ය නියොමාල් පෙරේරා, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඇන්තනි වික්ටර් පෙරේරා, විදේශ අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන, විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග යන මහත්වරු සහ විදේශ අමාත්‍යංශ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය ද ජනාධිපතිතුමා සමග චාරිකාවට එක් ව සිටිති.


    HC/NP/IMU_Pix by: Sudath Silva

     

    President arrives in Rome 1

    President arrives in Rome 2

    President arrives in Rome 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya