කුඩා රබර් වතු හිමියන්ගේ සංගම් නියෝජනය කරමින් දිස්ත්‍රික් සංවිධානවල සභාපතිවරුන්, ලේකම්වරුන් ඇතුළු නියෝජිත පිරිසක් සාකච්ඡාවට සහභාගි වූ අතර තමන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ මෙහිදී ඔවුහු ජනාධිපතිතුමා වෙත දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.
අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, මහන්ද සමරසිංහ, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, පවිත්‍රා වන්නිආරච්චි, කුමාර වෙල්ගම, රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.