මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "කොළඹ ළමයි 2014" ළමා චිත්‍ර හා සිතුවම් දැක්ම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කලාභවනේදී

    ඔක්තෝබර් 02, 2014

    "කොළඹ ළමයි 2014"  ළමා සිතුවම් තරගයේ ජයග්‍රාහී නිර්මාණ 700ක් ඇතුළත් චිත්‍ර හා සිතුවම් දැක්ම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) කොළඹ 07, ජාතික කලාභවනේදී ආරම්භ කෙරිණි.


    ඔක්තෝබර් 01 දිනට යෙදෙන ලෝක ළමා දිනය හා ඔක්තෝබර් 06 දිනට යෙදෙන ලෝක ජනාවාස දිනයට සමගාමීව මේ සිතුවම් දැක්ම පැවැත්වේ. මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ඉදිකිරීම්, ඉංජිනේරු සේවා,‍ නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මේ චිත්‍ර හා සිතුවම් දැක්ම මෙවර පවත්වනු ලබන්නේ 04 වන වරටයි.

    මේ යටතේ කොළඹ නාගරික කලාප 04ක දරු දැරියන් (උතුරු කොළඹ, නැගෙනහිර බටහිර කොළඹ, මැද කොළඹ, බොරැල්ල) 12,500කගේ සහභාගිත්වයෙන් මෙහි මූලික වටයේ තරග කොළඹදී පැවැත්විණි. වයස අවුරුදු 06-09 / 09-14 / 14- 18 යන වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්විණි. එම තරගයේ දෙවන වටය සඳහා දරු දැරියන් 5,000ක් සහභාගී වූ අතර එම තරගය පසුගිය 20 දින කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ දී පැවැත්වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.  

    මෙම චිත්‍ර හා සිතුවම් ප්‍රදර්ශනය හෙට (02) හා අනිද්දා (03) දෙදින පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා මහජනතාවට විවෘත ව පවතී. 
     

    මෙම තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය ඔක්තෝබර් 06 දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ලේක ජනාවාස දින ජාතික සමුළුවේදී සිදු කිරීමට නියමිතය.


    කොළඹ අඩු පහසුකම් ජනාවාසවල  ජන ජීවිතය ගොඩනැංවීම සඳහා විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ජන සෙවණ ස්වශක්ති මානව සංවර්ධන වැඩසටහන යටතේ  ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර ඇත. එම දරු දැරියන්ගේ කලා කුසලතා ගොඩනැංවීම සඳහා දියත් කර තිබෙන වැඩසටහන් අතරින් “කොළඹ ළමයි” චිත්‍ර ප්‍රදර්ශනයට ද හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. 


    මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් , ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, අමාත්‍යාංශ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති පාලිත ගමගේ, එහි අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සුමිත් වන්නිආරච්චි යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.


    NDH

    04

     

     

    NMD 2160

     

    NMD 2177

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya