නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ඉතාලිය හා වතිකානය බලා යයි

    ඔක්තෝබර් 02, 2014

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඉතාලියේ හා ශුද්ධ වතිකානයේ චාරිකාවක් සඳහා අද (02) දහවල් දිවයිනෙන් පිටත්ව ගියේය.


    චාරිකාව සිදු වනුයේ ශුද්ධාසනයේ ඇරයුමෙනි. ජනාධිපති ආර්යා ශිරන්ති වික‍්‍රමසිංහ රාජපක්‍ෂ මැතිනිය ද එතුමා සමග එක්ව සිටින්නීය.


    අද සවස ෆියුමිසිනෝ (Fiumicino) ගුවන් තොටුපළෙන් රෝමය වෙත ළඟා වන ජනාධිපතිතුමා පසු දා එනම්, හෙට (03) පෙරවරුවේ වතිකානු නගරයේ අපෝස්තොලික මාලිගයේ දී ශුද්ධෝත්තම පළමු වැනි ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ බැහැ දකියි. අනතුරුව එතුමා වතිකානයේ රාජ්‍ය ලේකම් සහ අගමැති අතිඋතුම් පියෙත්ත්‍රෝ පැරොලින් කාදිනල්තුමා හමුවෙයි.


    ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා ඉතාලියේ නතර ව සිටින කාලය තුළ එරට වෙසෙන ශ‍්‍රී ලාංකික ප‍්‍රජාව ද හමුවෙයි. ඒ හැර යුරෝපා සංගමයට අයත් රටවල ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායකයන්, රෝමයේ සහ උතුරු ඉතාලියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායකයන් මුණ ගැසී සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.


    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය දයාශ‍්‍රිත තිසේරා, සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා, විදේශ නියෝජ්‍ය අමාත්‍ය නියොමාල් පෙරේරා, විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග, විදේශ අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන යන මහත්වරු සහ විදේශ අමාත්‍යංශ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය ද ජනාධිපතිතුමා සමග චාරිකාවට එක් ව සිටිති.


    HC/NP_IMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya