අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    COVID 19 වසංගතයේ ප්‍රතිවිපාක ජය ගැනීමට බහුපාර්ශ්වීය ප්‍රයත්නයන්ට පූර්ණ සහාය දෙන බව නොබැඳි සමුළුව අමතමින් ජනපති අවධාරණය කරයි

    මැයි 05, 2020

    COVID 19 වසංගතයේ දීර්ඝකාලීන සමාජ, ආර්ථික ප්‍රතිවිපාක ජය ගැනීමට ගන්නා බහුපාර්ශවීය ප්‍රයත්නයන්ට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (04) නොබැඳි ව්‍යාපාරයේ “NAM” සබඳතා සමූහයේ මාර්ගගත වීඩියේ සම්මන්ත්‍රණය අමතමින් අවධාරණය කළේය. 

    COVID 19 වෛරසය සමග සටනේදී සාමූහික ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට නොබැඳි ජාතීන්ගේ මාර්ගගත වීඩියෝ සම්මන්ත්‍රණය (online Summit) සංවිධාන කර තිබිණි. 2019 – 2022 කාලපරිච්ඡේදය සඳහා නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ සභාපතිධූරය හොබවන අසර්බයිජාන් ජනරජයේ ජනාධිපති ඊලම් අලියෙව් (Ilam Aliyev) මහතා සමුළුවේ මුලසුන හෙබවීය. 

    ජනාධිපතිවරු 19 දෙනෙක්, ෙඋප ජනාධිපතිවරයෙක්, අගමැතිවරු 06 දෙනෙක්, නියෝජ්‍ය අගමැතිවරයෙක් සහ විදේශ අමාත්‍යවරු 08 දෙනෙක් ඇතුළු රටවල් 40ක නියෝජිතයෝ සමුළුව ඇමතූහ. “COVID 19 ට එරෙහිව එක්සත්ව” (United Against COVID) යන්න සමුළුවේ තේමාව විය


    එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 74 වන සැසිවාරයේ සභාපති ටිජ්ජානි මහමුද් බණ්ඩේ (Tijjani Muhammad-Bande) ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයිසස් (Tedros Adhanom Ghebreyesus) යන මහත්වරුද අන්තර්ජාල NAM සමුළුවට සහභාගී වූහ.


    ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.9 ට 17 වන දේශකයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමුළුව ඇමතීය.
    COVID 19 වසංගතය පරාජය කිරීමට එකිනෙකා සතු අත්දැකීම් සහ හැකියාවන් මෙන්ම උගත් පාඩම් බෙදාගැනීමට සාමූහික ගෝලීය ක්‍රියාමාර්ගයක් සඳහා නොබැඳි සමුළුව වැදගත් වේදිකාවක් බව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසීය. වසංගතය මර්දනයට ඉදිරි පෙරමුණේ සේවය කරන සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ වෙනත් අත්‍යාවශ්‍ය සේවක පිරිස් දක්වන කැපවීම සහ පරිත්‍යාගශීලි ගුණය පිළිබඳව ජනාධිපතිතුමා සිය ප්‍රසාදය පළ කර සිටියේය.


    COVID 19 වසංගතය පාලනය කිරීමටත්, ක්‍රමයෙන් තුරන් කිරීමටත් ශ්‍රී ලංකාව සමත්වී ඇත. PCR පරීක්ෂණවලින් රෝගීන් බවට සනාථ වී ඇත්තේ 3% කි. මරණ අනුපාතය 0.97% ක් වේ. ආරක්ෂක හමුදා නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම, රෝගීන් හඳුනාගැනීමට රාජ්‍ය බුද්ධි අංශ යෙදවීම, පොලිසීය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂවරු ආසාධිතයන් ඇසුරු කළ අය හඳුනාගැනීමට යෙදවීම පාලනයට බෙහෙවින් ඉවහල් වූ බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.


    වසංගතය හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් පෙර නොවූ විරූ පරිමාණයේ ආර්ථික හා ණය අර්බුදයකට ගොදුරු වී ඇති බව කනස්සලයෙන් යුතුව සදහන් කරන බව ජනාධිපතිතුමා පැවසීය. අවදානමට මුහුණ පා ඇති රටවලට ණය සහන සහ වඩා පුළුල් මූල්‍ය ප්‍රතිපාදන සපයන ලෙස අන්තර්ජාතික මූල්‍ය ආයතන සහ ආධාර සපයන රටවල් වෙත ගෝලීය ආයාචනයක් කළයුතු බවත් ඊට ශ්‍රී ලංකාව ද එක්වන බවත් ජනාධිපතිතුමා අවධාරණය කළේය.


    COVID 19 වසංගතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇති අත්දැකීම් සහ එය පාලනය කිරීමේදී අත්කරගත් ජයග්‍රහණ සාමාජික ජාතීන් සමග බෙදා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා සමුළුව අමතමින් පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya