අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Covid-19 වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ වැඩපිළිවෙලට පක්ෂ නායකයින් හා නියෝජිතයින්ගේ සහය ගැනීමට පියවර- අගමැති මූලික වෙයි

    මාර්තු 24, 2020

    රජයේ උපදෙස් පරිදි කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් මේ වන විට ක්‍රියාත්මක Covid-19 වෛරසය (කොරෝනා) ව්‍යාප්තවීම වැළැක්වීමේ  වැඩපිළිවෙලට පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින් හා නි යෝජිතයින් ගේ සහය ගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    මෙම තීරණය ගනු ලැබුවේ පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින් හා නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් අද (24) අරලිය ගහ මන්දිරයේ පැවැති හමුවේදීය.

    එම හමුවේදී පක්ෂ නායකයින්ගෙන් ඉදිරිපත් වුනු අදහස් සළකා බලා මෙම තීරණයට එළැඹිණි.

    ඒ අනුව ඉදිරියේදී පක්ෂ නායකයින් හමුවෙමින්, කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් යෝජනා ලබා ගනිමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. කොරෝනා මර්දනයට රජය ගෙන යන ක්‍රියාමාර්ග අගය කළ පක්ෂ නායකයින් ඉදිරියේදී කෝවිඞ් 19 වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ගවලට සහාය දක්වන බව ද
    පැවසූහ.

    පක්ෂ නායක රැස්වීම ආරම්භයේදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් රටේ වත්මන් තත්ත්වය පිළිබදව දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකළේය.

    වෛරස තත්ත්වය හේතුවෙන් ආර්ථිකයට සිදුවන හානිය සම්බන්ධවත් මෙහිදී සාකච්ඡවට ලක්වූ අතර ඉදිරියේදී ආර්ථික හානිය අවම කර ගැනීම පිළිබඳවත් පක්ෂ නායකයින් සාකච්ඡ කළහ.

    අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සම්බන්ධයෙන් දැනට රජය ක්‍රියාත්මක කරන ක්‍රමවේදය ඉදිරියටත් ක්‍රියාත්මක කරන ලෙසත් තේ කර්මාන්තයට අදාළව තේ දළු නෙලීම, කර්මාන්ත ශාලා  පවත්වා ගෙන යාම මෙන්ම තොග වෙළෙද සැල් විවෘත කිරීම මගින් ජනතාවට සහන දැක්වීම සම්බන්ධවවත් සාකච්ඡවට ලක්විය.

    එහිදී අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ සතොස හා සමුපකාරය මගින් අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමේ පහසුකම් සළසා ඇති අතර ඉදිරියේදී එම යාන්ත්‍රණය තව දුරටත් විධිමත් කිරීමට  අවශ්‍ය පියවර ගන්නා බවයි.

    කොරෝනා ව්‍යසනය පාලනය කිරීමට අදාල ක්‍රියාමාර්ග ගන්නා අතරේ රටේ ආර්ථිකට සිදුවූ හානිය කෙරෙහිත් මේ වන විටත් මාගේ අවධානය යොමු කර ඇති බවත් මෙහිදී අග්‍රමාත්‍යවරයා  සදහන් කළේය.

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද කොරෝනා වෛරසය මර්ධනය කිරීමට රජය ගෙන යන සෞඛ්‍ය වැඩපිළිවෙල අගය කරමින් සදහන් කළේ, එම වැඩපිළිවෙල තව දුරටත්  ඉදිරියට ගෙන යා යුතුව ඇති බවත් ජනතාව ඒකරාශී වීම වැළැක්වීමට ඇදිරි නිතිය තවදුරටත් ක්‍රියාත්මක කරන අතරේ අත්‍යාවශ්‍ය නොවන රජයේ සේවකයින්ගේ නිවාඩු තව දුරටත් දීර්ඝ කරන  ලෙස තමන් යෝජනා කරන බවත්ය.

    හිටපු කතානායක කරූ ජයසූරිය මහතාද රජයේ වැඩපිළිවෙල අගයමින් ආර්ථීකයට වන හානිය අවම කරගනිමින් පාරිභෝගික ජනතාවට අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ලබා ගැනීමේ පහසුකම්  පුළුල් කරන ලෙස ඉල්ලා සිටියේය.

    ඇදිරි නීතිය සමයේ ධීවරයින්ගේ මත්ස්‍ය නිෂ්පාදන අලෙවිය හා ප්‍රවාහනය සඳහා අවසර නොදීම හේතුවෙන් පැන නැග ඇති තත්ත්වය සම්බන්ධයෙන්ද මෙහිදී පක්ෂ නායකයින් පෙන්වා දුන්  අතර  ඒ අවස්ථාවේදීම නියෝජ්‍ය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දෙමින් සියලූ පොලිස් ස්ථාන දැනුම්වත් කරමින් ගැටලූ විසදිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පැවසීය.

    මේ අවස්ථාවේදී පක්ෂ නායකයින් කිහිප දෙනෙක්ම නැවත පාර්ලිමේන්තුව රැස්කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කළ නමුත් බහුතරයේ අදහස වූයේ පාර්ලිමේන්තුව ජනතාවට ආදර්ශය  සපයමින් පාර්ලිමේන්තුව රැස්වෙනවා වෙනුවට පක්ෂ නායකයින් සහ නියෝජිතයින් ඇතුළත් වන පරිදි කොරෝනා මර්දනයට ජාතික වැඩපිළිවෙලක් වෙනුවෙන් දායක වීම වඩාත් සුදුසු බවයි.

    මෙම අවස්ථාවට රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීරීපාල සිරිසේන, බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, පවිත්‍රා වන්නිආරච්චි, කරු ජයසූරිය, රවුෆ් හකීම්, පී. දිගම්බරන්, මහින්ද අමරවීර,  මනෝ ගනේෂන්, අතුරලියේ රතන හිමි, ඩග්ලස් දේවානන්ද, සජිත් ප්‍රේමදාස, දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන, සෙන්දිල්  තොණ්ඩමන්, එස්. සුමන්දිරන්, රිෂාඞ් බදුර්දින්, විජිත හේරත්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් භද්‍රානි  ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, වැඩ බලන පොලිස්පති ඒ. වික්‍රමරත්න, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya