අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පාලන සමය තුළ ආගමික සාමාජීය ප්‍රබෝධය ගැන මහා සංඝරත්නයේ විශ්වාසය පළ වෙයි.

    පෙබරවාරි 27, 2020


    රටට, ජාතියට සහ ආගමට ලැදි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලන සමය තුළ නිසැකවම රටේ ආගමික සහ සාමාජයීය ප්‍රබෝධයක් ඇති වන බවට මහා සංඝරත්නය විශ්වාසය පළ කරති.


    ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් (26) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල ජාතික සමුළුවේ දී මේ අදහස් පළ කෙරිණ.
    විශේෂ අනුශාසනාවක් කළ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඤාණරතන නා හිමියෝ දහම් අධ්‍යාපනයේ උන්නතියට මැදිහත්වන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

    පසුගිය සමයේ කිහිප වරක් මේ ඉල්ලීම කළ ද ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදු නොවුන බව පෙන්වා දුන් උන්වහන්සේ විනයගරුක රටක් සහ අනාගත පරපුරක් සිය වැඩපිළිවෙළ කරගත් වත්මන් ජනාධිපතිතුමා ඊට දායකත්වයක් දෙනු ඇතැයි විශ්වාසය පළ කළහ.


    බුද්ධ ශාසනයේ උන්නතිය සහ චිරස්ථිතිය උදෙසාම පිහිටුවනු ලැබු සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය ප්‍රමුඛ බෞද්ධ සංවිධානයකි. ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල 332 කින් සමන්විත එය දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම, දහම් පාසල් ශ්‍රේණි විභාගය, දහම් පාසල් ගුරුවරුන්ට වෛද්‍යධාර පිරිනැමීම, දුෂ්කර ප්‍රදේශවල දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම ඇතුළු කාර්යයන් රැසක් සිදු කරයි. දහම් පාසල් හා විහාරස්ථාන අභිවෘද්ධිය උදෙසා කරනු ලබන මෙහෙය අගයමින් මෙවර මහා සමුළුව සංවිධාන කර තිබිණ.

    සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය වෙනුවෙන් පුළුල් මෙහෙවරක් කළ යතිවරයාණන් වහන්සේ ඇගැයිම ජනාධිපතිතුමා විසින් සිදු කෙරිණි. මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමි, පූජ්‍ය මාතලේ කුසලධම්ම හිමි, ශාස්ත්‍රපති පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද හිමි, මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ද හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය මීට වැඩම කර සිටි අතර ගිහි පැවිදි විශාල පිරිසක් ද එක්ව සිටියහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya