අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “විසි වසක වීරවංශය” සමරුවට ජනපති එක්වෙයි ...

    පෙබරවාරි 22, 2020

    ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ පාර්ලිමේන්තු දිවියට 20 වසරක් සම්පූර්ණවීම නිමිත්තෙන් අද (22) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එක් වූහ.


    “විසි වසක වීරවංශය” මැයෙන් එය සංවිධාන කර තිබිණ. විමල් වීරවංශ මහතාගේ දේශපාලන දිවිය අලලා ඉසුරු ප්‍රසංග මහතා විසින් රචිත “විමල් -යුගකාරකත්වයේ භූමිකාව” කෘතිය ජනාධිපතිතුමාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.


    රට ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර ගැනීම, සංවර්ධන මාවතට ගෙන ඒම සහ රටේ අභිමානය වෙනුවෙන් පෙනී සිටිම යන කරුණුවලදි තමා සහ විමල් වීරවංශ මහතා මුහුණ දුන් අභියෝග සහ ගැටලු පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා රැස්ව සිටී පිරිස අමතමින් සිහිපත් කළේය.


    ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අති බහුතර කැමැත්තෙන් ජනාධිපති ධූරයට පත් කිරීම දක්වා ක්‍රියාවලියට බාධක ජය ගනිමින් පැමිණි ගමන් මග ශක්තියක් වූ බවද අග්‍රමාත්‍යවරයා කියා සිටියේය.


    රැස්ව සිටී පිරිසට ස්තූතිය පළ කළ අමාත්‍ය වීරවංශ මහතා රටට රාජ්‍ය අහිමිවීමේ අවදානමකට ලක්ව තිබූ මොහොතක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රාජ්‍ය නායකත්වයට පත් කර ගැනීමට හැකි වූ බව කියා සිටියේය.


    කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි සහ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා විශේෂ දේශන කළහ. මැති ඇමතිවරු, විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් උත්සවයට එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya