අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිලෝමීටර් ලක්ෂයක මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ - ජනතාවට ප්‍රතිඥා දුන් “සුරක්ෂිත රට” බිහිකිරීමට ඉකුත් තෙමස තුළ කැපවීමෙන් ක්‍රියාකළා

    පෙබරවාරි 19, 2020

    රට හදන “සෞභාග්‍යයේ දැක්මෙහි” තවත් අදියරක් ක්‍රියාවට නංවමින් විකල්ප සහ ග්‍රාමීය මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (19) ඇරඹිණ.

    රටේ ඕනෑම තැනක සිට ප්‍රධාන මාර්ගවලට පහසුවෙන් පිවිසීමේ හැකියාව සැලසීමෙන් ජන ජීවිතය පහසු කිරීම වැඩසටහනේ අරමුණකි. ව්‍යාපෘතිය ආරම්භ වූයේ පේරාදෙණිය, ගලහ දෙල්තොට හරහා රිකිල්ලගස්කඩ මාර්ගය සංවර්ධනයට මුල පිරීමෙනි.
    මාර්ගයේ සම්පූර්ණ දුර කි.මි 52කි. වැය කෙරෙන මුදල රුපියල් කෝටි 60 කි. ව්‍යාපෘතිය යටතේ මාර්ගය කාපට් අතුරා නවීකරණයෙන් පසු රථ වාහන ගමනා ගමනයට මෙතෙක් වැය වූ කාලය විනාඩි 45කින් පමණ අඩු වේ.

    ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපතිතුමා සහභාගී වූ පළමු මහජන හමුව මෙයයි. මැතිවරණ පොරොන්දුවක් ඉටු කරමින් හමුවට සහභාගීවීමට ලැබීම සතුටට කරුණක් බව ජනාධිපතිතුමා සඳහන් කළේය.


    ජනතාව හමුවේ තමා කියා සිටි “සුරක්ෂිත රට” බිහිකිරීමට පසුගිය තෙමස තුළ කැපවීමෙන් ක්‍රියාකළ බව එතුමා පැවසීය. ඒ සඳහා ආරක්ෂක ලේකම්ගේ සිට දක්ෂතම නිලධාරීන් පිරිසක් බුද්ධි අංශයට පත් කර ඇත. ඔවුන්ට බලතල නොබියව භාවි‍ෙ කිරීමට අවසර දී තිබේ. නැවත ත්‍රස්තවාදයක් හෝ ආගමික අන්තවාදයක් බිහිවීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපතිතුමා යළි අවධාරණය කළේය. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත විශාල ජාලයක් හඳුනාගෙන ඇත. තරුණ පරපුර ඉන් මුදා ගැනීමට අවශ්‍ය පසුබිම සකසා ඇතැයි ද ජනාධිපතිතුමා පැවසීය.


    අධීකරණයේ ස්වාධීනත්වය සහතික කර තිබේ. ඉන් ජනතාවගේ නිදහස සහ සාධාරණත්වය ඉටුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. සමාජයේ සෑම ස්ථරයකටම අයත් ජනතාව වෙනුවෙන් සමාන අවකාශයක් උදාකරදීමට තම ධූර කාලය තුළ ක්‍රියා කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.


    දුප්පත්කම තුරන් කිරීමට රැකියා ලක්ෂයක් ලබාදීම, රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීම, දුගී ජනතාව සඳහා “එක ගමකට එක නිවසක්” වැඩසටහන සහ අද පටන් ගත් ග්‍රාමීය මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීම “සෞභාග්‍යයේ දැක්මේ” පොරොන්දු අතර වේ. ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සෑම පොරොන්දුවක්ම ඉටුකරන බව කී ජනාධිපතිතුමා ඒ සඳහා ශක්තිමත් රජයක් ලබාදීමට ජනතාව ක්‍රියා කරනු ඇතැයි
     පළ කළේය.

    නිලධාරීන්ට නොබියව තීරණ ගැනීමට අවස්ථාව දී තිබේ. ඉන් ප්‍රයෝජන ගෙන රට වෙනුවෙන් වැඩ කරන්නැයි ද ජනාධිපතිතුමා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
    “පසුගිය වසර පහ තුළ රටට ලැබුණු ආයෝජන අවස්ථා එදා රජයේ අක්‍රීයබව නිසා අහිමි වී ගියා. ආයෝජන නැවත ලබා ගැනීමට අප කැපවී ක්‍රියා කරනවා. ඉන්දියාවට, චීනයට මෙන්ම බටහිර රාජ්‍යයන්ට අපේ රජය ගැන දැඩි විශ්වාසයක් තිබෙනවා. ඒ රටවල ආයෝජන මෙරට ආර්ථික වර්ධනයට මහත් රුකුලක්” ජනාධිපතිතුමා සඳහන් කළේය.
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇතුළු මැති ඇමතිවරු ආණ්ඩුකාර සරත් ඒකනායක, මාර්ග සහ මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහත්වරු ඇතුළු නිලධාරිහූ මේ අවස්ථාවට එක්ව සිටියහ.
    අද උත්සවයට සහභාගීවීමට පැමිණෙන අතර ජනාධිපතිතුමා ගලහ ප්‍රදේශයේ එළවළු ව්‍යාපාරිකයන් සමග කතා බහක නිරත විය. වෙළෙඳ සැල් කිහිපයකට ගොස් එළවළු මිල විමසූ එතුමා අධික මිල ගණන්වලට හේතුව විමසීය. තම ප්‍රදේශයේ එළවළු දඹුල්ල නගරයට යවා බෙදා හැරීම මිල වැඩිවීමට හේතුවක් බව ව්‍යාපාරිකයෝ පෙන්වා දුන්හ. අදාළ පාර්ශ්ව සමග කඩිනමින් සාකච්ඡා කර විසඳුමකට එළැඹෙන බව ජනාධිපතිතුමා පැවසීය. උත්සවයට සහභාගී වන අතර ප්‍රදේශයේ ජනතාවගෙන් ජනාධිපතිතුමාට පළ වූයේ උණුසුම් ප්‍රතිචාරයකි. ජනාධිපතිතුමා ඔවුන් සමග ද සුහද කතා බහක නිරත විය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya