අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුද්ගල තොරතුරු එකම ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනපති අවධානය

    දෙසැම්බර් 30, 2019

    ජාතික හැඳුනුම්පත්, රියැදුරු බලපත්‍ර, ආගමන හා විගමන ලේඛන, උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීම ඇතුළු සියලු පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙයි.

    එමඟින් කාලය, ශ්‍රමය සහ විශාල මුදල් නාස්තිය අවම කර ගැනීමට හැකි වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී සඳහන් කළේය.


    එකම තොරතුරු ආයතන කිහිපයක එක් රැස් කිරීම දැනට භාවිත ක්‍රමයයි. එය එකම පද්ධතියක් යටතට ගැනීමෙන් ප්‍රමාදය වළක්වා කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබාදීමට හැකිවන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
    එමඟින් සාවද්‍ය සහ වංචනික තොරතුරු සංසරණයවීම වළක්වාගත හැකි බව ද ජනාධිපතිතුමා පැවසීය.


    අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අර්ධ රාජ්‍ය ආයතනවල අන්තර් සබඳතාවය රටේ සංවර්ධනයේ දී ඉතා වැදගත් වේ. අදාළ ආයතන ජාලගත කරමින් සම්බන්ධ කිරීමෙන් ඉහළ ඵලදායිතාවක් ළගාකර ගත හැකිය.
    වර්තමානයේ තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ඇතැම් ව්‍යාපෘති ඒවායේ ඵලදායීතාව සඳහා සෘජුව වගකියන අමාත්‍යාංශ හෝ ආයතන හෝ වෙත පැවරීම කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.


    පාසල් පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාශය යටතට පැවරීමේ වැදගත්කම නිදසුනක් ලෙස පෙන්වා දෙනු ලැබිණ. අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අමාත්‍යාංශ ලේකම්වරුන් වන චූලානන්ද පෙරේරා, මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya