අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

     ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු රටවල පාර්ලිමේන්තු මන්‍ත්‍රීවරුන් එක්ව ළමුන් සඳහා වන දකුණු ආසියානු පාර්ලිමේන්තු සමුළුව රැස්වෙයි

    සැප්තැම්බර් 02, 2019

    ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 30 වන සංවත්සරය සහ ශ්‍රී ලංකාවේ ළමුන් සඳහා වන පාර්ලිමේන්තු සංසඳයේ 5 වන සංවත්සරය සනිටුහන් කරමින්,  ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු රටවල පාර්ලිමේන්තු මන්‍ත්‍රීවරුන් එක්ව ළමුන් සඳහා වන 3 වැනි දකුණු ආසියානු පාර්ලිමේන්තු  සමුළුව අද (02) කොළඹදී පවත්වනු ලැබිණි.

     ඉන්දියාව, පකිස්තානය, ඇෆ්ගනිස්ථානය සහ නේපාලය වැනි දකුණු ආසියානු රටවල නියෝජිතයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම සමුළුවේදී අදහස් දැක් වූ කතානායක කරූ ජයසූරිය මහතා පැවසුවේ දරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාව ලෝකයටම ආදර්ශයක් දිය හැකි රටක් බවත් යුද්ධය පැවති සමයේ යුනිසෙෆ් වැනි ආයතනයන්ගේ සහයෝගයෙන් ශ්‍රී ලංකාව ළමුන් සොල්දාදුවන් ලෙස යොදා ගැනීම නැවැත් වූ බවත් ය. දකුණු ආසියානු කළාපයේ ජනගහණයෙන් 36%ක් පමණ වන අපගේ ළමුන් අප විසින් කොතරම් හොඳින් රැකබලා ගන්නේද යන්න මත දකුණු ආසියාවේ අනාගතය රැඳී පවතින බව ත් මෙම සංසදයේ සිදු කෙරෙන සාකච්ඡා තුළින් ඇති කරගනු ලබන කොළඹ ප්‍රකාශය අපේ ළමුන් 21 වැනි සියවසේ අභියෝගයන්ට මුහුණ දීමට සවිබල ගැන්වෙනු ඇති බවද කතානායකවරයා සඳහන් කර සිටියේය.

    ශීඝ්‍රයෙන් සිදුවන නාගරීකරණය, අන්තර්ජාල ව්‍යාප්තිය, සමාජ මාධ්‍ය භාවිතය හා සයිබර් අවකාශය තුල ඇති අසීමිත නිදහස තුළ ළමුන්ට දැනුම වර්ධනය කල හැකිවා සේම වෙනත් අහිතකර දෑ කෙරෙහි යොමු වීමේ ඇති හැකියාව වැඩි බවත් මෙවන් තත්වයන් අප විසින් සැලකිල්ලෙන් අධ්‍යයනය කල යුතු බවත් කතානායකවරයා තම  කතාවේදී සඳහන් කර සිටියේය.

    විවිධත්වයෙන් යුතු පරිසරයන්ගේ ජීවත් වන දකුනු ආසියාතික රටවල ළමුන් මුහුණ දෙන අභියෝගයන් එකිනෙකට වෙනස් වන අතර ප්‍රතිපත්ති සම්පාදකයින් , සිවිල් නියෝජිතයින් දැඩි කැපවීමෙන් ක්‍රියා කල යුතු බවද ඒ මහතා තවදුරටත් පැවසීය.

    සමුළුව අවසානයේ කතානායකවරයා ඇතුළු පිරිස සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර , විදේශීය නියෝජිතයින්ට පාර්ලිමේන්තුව නැරඹීමටද අවස්ථාව සළසා දී තිබුණි. සමුළුවේ දෙවන දිනය වන හෙට (03) දිනයේදී  සියලු දරුවන්ගේ අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීමේ ප්‍රධාන අභියෝග ඉස්මතු කිරීම කෙරෙහි සාකච්ඡා කිරීමට නියමිතය.

    යුනිසෙෆ් දකුණු ආසියානු කළාපයේ අධ්‍යක්ෂිකා ජින් ගෝ මහත්මිය,  සාර්ක් කමිටුව නියෝජනය කරමින් රිෂ්ෆා රෂීඩ්, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා, පාර්ලිමේන්තුවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව ආංශික අධීක්ෂණ සභාවේ සභාපති කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න ඇතුළු අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya