අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය අනුරාධපුර දී අගමැති සුරතින් විවෘත වෙයි

    ජූලි 24, 2019

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය අද (24) අනුරාධපුරයේ දී ආරම්භ කෙරුණේ , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

    ප්‍රදර්ශනය ආරම්භ කරමින් එහි විවිධ කලාපයන් වෙත ගොස් ප්‍රදර්ශන කුටි රැසක් අග්‍රාමාත්‍යවරයා විසින් නිරීක්ෂණය කළේ ය.

    .මේ අවස්ථාවට මුදල් අමාත්‍ය මංගල සමරවීර,මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්රමරත්න ,කෘෂිකර්ම අමත්‍ය පී.හැරිසන්,මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් ,ළමා හ කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර ඇතුළු මැති ඇමතිවරු රැසක් ද සහභාගී වූහ.
     
    ප්‍රදර්ශන කුටි 500 කට ආසන්න සංඛ්‍යාවක් රාජ්‍ය හා පෞද්ගලික අංශයෙන් මෙවර ප්‍රදර්ශනයට එක්කොට තිබේ.

    රජරටින් ව්‍යවසායකයින් විසිදහසක් බිහිකිරීම අරමුණු කරගත් මෙම ප්‍රදර්ශනයට පළමු දිනයේ දී ම විශාල පිරිසක් පැමිණ සිටිනු දක්නට ලැබිණි.

    අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්ර භූමියේ දී ලබන 27 වනදා තෙක් ප්‍රදර්ශනය පැවැත්වේ. උදෑසන 9.30 සිට මධ්‍යම රත්‍රී 12 දක්වා මහජනතාව සඳහා ප්‍රදර්ශනය විවෘතව තැබේ. සෑම දිනකම රාත්‍රියේ සංගීත සංදර්ශනයක් ද පැවැත්වේ. 

    හෙට සිට මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ දැනුම අවබෝධය මෙන්ම රැකියා, ණය පහසුකම් ආදිය පිළිබදව තොරතුරු ලබාගන්නා ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු ජනතාවගෙන් අනුරාධපුර මහ දිසාපති ආර්.එම්. වන්නිනායක මහතා ආරාධනා කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya