අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    19 වැනි ජනාධිපති සම්මාන උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්

    ජූලි 28, 2019

    2 වසරක ලාංකේය සිනමාභිනන්දනය වූ 19 වැනි ජනාධිපති සම්මාන උළෙල ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  (26) සන්ධ්‍යාවේ නෙළුම් පොකුණ රඟහලේ දී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

    2016 වසරේ සිට 2018 වසර දක්වා ප‍්‍රදර්ශනය කරන ලද චිත‍්‍රපට 79 කින් විශිෂ්ට දක්ෂතා දැක්වූ කලා ශිල්පීන් ශිල්පිනියන් 27 දෙනෙකුට සම්මාන පිරිනැමීම මෙහිදී සිදු වූ අතර, පුරෝගාමී සම්මාන, ස්වර්ණසිංහ සම්මාන හා විශ්ව කීර්ති සම්මානයෙන් 11 දෙනෙකු ගරු ජනාධිපතිතුමන් අතින් පිදුම් ලැබූහ.

    මෙහි දී ජීවිතයට එක්වරක් පමණක් හිමිවන ස්වර්ණසිංහ සම්මාන ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ප‍්‍රවීණ රංගවේ දී රවින්ද්‍ර රන්දෙනිය, ප‍්‍රවීණ රංගන ශිල්පිනී නීටා ප‍්‍රනාන්දු හා ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා යන මහත්ම මහත්මීන්ට ලබා ගන්නා ලදී.

    මේ අතර, සිය රංගන ප‍්‍රතිභාව්‍ය වෙනුවෙන් අනෝමා ජනාදරි සහ චිත‍්‍රපට අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර ජනාධිපතිතුමා අතින් විශ්වකීර්ති සම්මාන හිමි කර ගත් අතර, පුරෝගාමී සම්මාන, ශාන්ති අබේසේකර, ඇන්ටන් ග්‍රෙගරි, කේ.ඩී. දායානන්ද, ස්වර්ණා කහවිට, සුනිල්සෝම පිරිස් හා ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ට හිමිවිය.

    මෙම අවස්ථාවට නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස, උතුරු පළාත් ආණ්ඩුකාර සූරේන් රාඝවන්, චිත‍්‍රපටි සංස්ථාවේ සභාපති අනුෂා ගෝකුල ප‍්‍රනාන්දු, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් බර්නාඞ් වසන්ත ඇතුළු කලාකරුවන් රැසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya