මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මල්වැස්සාවෙහෙර භාවනා මධ්‍යස්ථානයේ ශ්‍රී ගෞතම සම්බුද්ධ මන්දිරය හා සිරිසුගතවංශ උපෝසථාගාරය සඝ සතුකොට පූජා කිරීම ජනපති ප්‍රධානත්වයෙන්

    ජූලි 30, 2019

    ගොඩකවෙල මල්වැස්සාවෙහෙර භාවනා මධ්‍යස්ථානයේ ඉදිකළ ශ්‍රී ගෞතම සම්බුද්ධ මන්දිරය හා සිරිසුගතවංශ උපෝසථාගාරය සඝ සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයේ  (29) පස්වරුවේ පැවැත්විණි.

    දෙවන පෑතිස් නිරිඳුන් විසින් ජය ශ්‍රී මහ බෝධි ශාඛා රටපුරා රෝපණය කරමින් වෙහෙර විහාර ඉදිකොට මුළු රටම සම්බුද්ධ රාජ්‍යයක් බවට පත් කරන ලද වග ඉතිහාසයේ සඳහන්ය.

    ඒ අනුව දෙතිස්ඵල බෝධීන් වහන්සේලාගේ පළමුවන ශාඛාව මෙම පුදබිමේ රෝපණය කර තිබෙන බෝධින් වහන්සේ බව වැඩිදුරටත් සඳහන් වෙයි.

    අද රමණීය පුද බිමක් බවට පත්ව ඇති මල්වැස්සාවෙහෙර භාවනා මධ්‍යස්ථානයේ පැවති අඩුපාඩුවක් සපුරාලමින් භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය පාතකඩ සුමනතිස්ස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ජනාධිපතිතුමාගේ සහ පවුලේ සාමාජිකයන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම නව ඉදිකිරීම් සිදු කර තිබේ.

    සමරු ඵලකය නිරාවරණය කර ශ්‍රී ගෞතම සම්බුද්ධ මන්දිරය විවෘත කළ ජනාධිපතිතුමා බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා පළමු පුෂ්පෝපහාරය ද සිදු කළේය.

    අනතුරුව බෝධින් වහන්සේ අභියස පැවති ආගමික වතාවත් සඳහා එක් විය.

    කිරිවැල්දෙණිය පුරාණ විහාරය, බුදුලෙන රජමහා විහාරය යන උභය විහාරාධිපති ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ඌව සබරගමුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පාතකඩ විමලරතනාභිධාන නායක ස්වාමින් වහන්සේ පුණ්‍යෝත්සවයේ මුලසන හෙබවූ අතර කෘත්‍යාධිකාරි පූජ්‍ය හවුපේ සද්ධාතිස්ස ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, ජයන්ති සිරිසේන මැතිණිය ඇතුළු පවුලේ සාමාජිකයන් සහ රාජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya