ජනවාරි 22, 2019

tami eng youtube google twitter facebook

    හිමිවරුන්ට එල්ල වූ කඳුළු ගෑස් ප‍්‍රහාරය පිළිබඳ ජනපති කනගාටුව පළ කරයි

    නොවැම්බර් 19, 2018

    සිංහලයේ අපි ජාතික සංවිධානය ඇතුළු තවත් සංවිධාන කිහිපයක් නියෝජනය කරන හිමිවරුන් ඇතුළු පිරිසක් අද (19) පෙරවරුවේ සංදේශයක් භාරදීමට ජනාධිපති කාර්යාලයට පැමිණි අවස්ථාවේ උන්වහන්සේලාට කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් සිදු වූ අපහසුතාවය පිළිබඳව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පෞද්ගලිකව ම සිය කනගාටුව පළ කර සිටී.

    උන්වහන්සේලා අද දිනයේ දී ජනාධිපතිතුමා හමුවීමට පැමිණෙන බවට දැනුවත් වී නොතිබූ අතර, කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කිරීමට උපදෙස් ලබා දුන් අයට එරෙහිව වහාම පරික්ෂණයක් පැවැත්වීමට ද ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ.

    අනතුරුව අදාළ ස්වාමින් වහන්සේලා ඇතුළු පිරිස හමු වී සුහද කථා බහක නිරත වූ ජනාධිපතිතුමා උන්වහන්සේලා විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ අධිකරණ කටයුතුවලට අදාළව ඉදිරිපත් කර ඇති ඉල්ලීමක් සහිත ලිපිය භාරගනු ලැබීය.

    PMD

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu