අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යාත්මක පර්යේෂණ සදහා වූ ජනාධිපති සම්මාන උලෙළ ජනපති ප්‍රධානත්වයෙන් 

    නොවැම්බර් 20, 2018

    දේශීයව වැදගත් වන විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීම සදහා විද්‍යාඥයන්, පර්යේෂකයන්  සහ තාක්ෂණඥයන් දිරිගැන්වීමේ අරමුණින් ජාතික පර්යේෂණ සභාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන විද්‍යාත්මක පර්යේෂණ සදහා වූ ජනාධිපති සම්මාන උලෙළ ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  (19) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණි. 

    වෛද්‍ය, කෘෂිකර්ම සහ ඉංජිනේරු ක්ෂේත්‍ර යටතේ උසස් ප්‍රමිතියකින් යුත් විද්‍යාත්මක පර්යේෂණවල නිරත වූ ආචාර්ය මහාචාර්යවරුන් මෙහිදී ඇගැයීමට ලක් කෙරිණි.

     රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු, උසස් අධ්‍යාපන සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයවර්ධන, ජාතික පර්යේෂණ සභාවේ සභාපති මහාචාර්ය ජනක ද සිල්වා, ජාතික පර්යේෂණ සභාවේ ප්‍රධාන විධායක නිලධාරිනි මනීෂා රාජපක්ෂ යන මහත්ම මහත්මීන් සහ විද්‍යාඥයන්, පර්යේෂකයන්, තාක්ෂණඥයන් ඇතුථ විද්වත් පිරිසක් මීට එක්ව සිටියහ.

     

    ( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya