මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ආර්ථික සහ සංවර්ධන ගැටලු විසඳා ගැනීමේ දී විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ ක්ෂේත‍්‍රයේ සහය මීට වඩා රජයට අවශ්‍යයි- ජනපති

    නොවැම්බර් 22, 2018

    රටේ ආර්ථික සහ සංවර්ධන ගැටලු විසඳා ගැනීමේ දී විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ ක්ෂේත‍්‍රයේ සහය මීට වඩා රජයට අවශ්‍ය බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ, කොළඹ දී පැවති විද්‍යාත්මක පර්යේෂණ සඳහා වූ ජනාධිපති සම්මාන උලෙළ අමතමිනි.

    දේශීයව වැදගත් වන විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීම සඳහා විද්‍යාඥයන්, පර්යේෂකයන් සහ තාක්ෂණඥයන් දිරිගැන්වීමේ අරමුණින් ජාතික පර්යේෂණ සභාව විසින් වාර්ෂිකව මෙම සම්මාන උලෙළ සංවිධාන කරනු ලබයි.

    මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අංශ සඳහා වාර්ෂිකව අය වැයෙන් වෙන් කෙරෙන මුදල මීට වඩා ඉහළ නැංවීම අත්‍යවශ්‍යය යන ප‍්‍රතිපත්තිමය තීන්දුව තමන් පැහැදිලිවම පිළිගන්නා බවයි.

    ඒ පිළිබඳව ඉදිරියේ දී රාජ්‍ය භාණ්ඩාගාරයට සහ රජයේ ආර්ථික විශේෂඥයන්ට උපදෙස් ලබා දෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    රටේ සංවර්ධනයේ ඉතා වැදගත් පාර්ශ්වයක් වන විද්‍යාඥයන්, පර්යේෂකයන් සහ තාක්ෂණඥයන් මේ වන විට රටේ ආර්ථික සහ සංවර්ධන ක්ෂේත‍්‍රය වෙනුවෙන් ඉටු කරමින් සිටින මෙහෙය ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගැයීමට ලක් විය.

    ජාතික සංවර්ධන සැලැසුම්වල දී මෙන්ම, කාලගුණික සහ දේශගුණික විපර්යාස හේතුවෙන් මුහුණදීමට සිදුවන ආර්ථික සහ සමාජ ප‍්‍රශ්න විසඳාගැනීමට විද්වතුන්ගේ සහය අවශ්‍ය බව සඳහන් කළ ජනාධිපතිතුමා නියඟයක් පැමිණි විට ඉන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම පමණක් අප විසින් සිදු කරන අතර, පෙර සැලසුම් සකස් කරමින් එම අභියෝගයට මුහුණදීම සඳහා සාමාන්‍ය ජනතාව සහ ගොවි ජනතාවට සිය වාර්ෂික සැලසුම් හා ජල කළමනාකරණය පිළිබඳ උපදෙස් ලබාදීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.

    වෛද්‍ය, කෘෂිකර්ම සහ ඉංජිනේරු ක්ෂේත‍්‍ර යටතේ උසස් ප‍්‍රමිතියකින් යුත් විද්‍යාත්මක පර්යේෂණවල නිරත වූ ආචාර්ය මහාචාර්යවරුන් මෙහිදී ඇගැයීමට ලක් කෙරිණි.

    රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරු, උසස් අධ්‍යාපන සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයවර්ධන, ජාතික පර්යේෂණ සභාවේ සභාපති මහාචාර්ය ජනක ද සිල්වා, ජාතික පර්යේෂණ සභාවේ ප‍්‍රධාන විධායක නිලධාරිනි මනීෂා රාජපක්ෂ යන මහත්ම මහත්මීන් සහ විද්‍යාඥයන්, පර්යේෂකයන්, තාක්ෂණඥයන් ඇතුළු විද්වත් පිරිසක් මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya