නොවැම්බර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සදහම් යාත්‍රා 44 වැනි දම්සභා මණ්ඩපය ජනපති සහභාගිත්වයෙන්

    නොවැම්බර් 23, 2018

    සෑම පුන් පොහෝ දිනකම දිවයිනේ ප්‍රධාන විහාරස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන සදහම් යාත්‍රා, ධර්ම දේශනා මාලාවේ 44 වැනි දම්සභා මණ්ඩපය ඉල් පුර පසළොස්වක පොහොය යෙදී තිබූ ඊයේ (22) දින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක පුරාණ විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.

    ඊයේ පෙරවරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා, ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව විහාරාධිපති සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අතිපුජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ බැහැදැක උන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගත්තේය. අනතුරුව ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට ද ජනාධිපතිතුමා එක්විය.

    මෙවර ධර්ම දේශකයාණන් වහන්සේ වූයේ කොට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක හා ප්‍රධාන ලේඛකාධිකාරි මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේය.
    අනතුරුව ධර්ම දේශකයාණන් වහන්සේ වෙත පිරිකර සහ ධාතු කරඬුවක් ද ජනාධිපතිතුමා විසින් පූජා කරනු ලැබිණි. 

    මැති ඇමතිවරුන්, ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දහම් පාසල් දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya