අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උඩප්පුව ධීවර ගම්මානයට ධීවර තොටුපොළක්

    ජූලි 23, 2014
    පුත්තලම දිස්ත්‍රික්කයේ උඩප්පුව ධීවර ගම්මානයට ධීවර තොටුපොළක් නොමැති නිසා ඉතා ඉක්මනින් එහි තොටුපොළක් ඉදිකිරීම සඳහා කටයුතු කරන බවත් ඊට අදාළ සක්‍යතා අධ්‍යයන සිදු කර ඇති බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (23) පාර්ලිමේන්තුවේ දී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

     

    උඩප්පුව වෙරළ තීරයෙන් දිනකට යාත්‍රා 90ක් පමණ දියත් කරනු ඇත. එම ස්ථානයට අවශ්‍ය පහසුකම් පිළිබඳ ව ධීවර අමාත්‍යාංශය සොයා බලන බවත් මෙහි තොටුපොළක් ඉදිකිරීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති නිසා ටෙන්ඩර් කැඳවා අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    NDH/HC 

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya