අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය සම්පන්න මිනිසෙකු බිහිකිරීමට මේ රජය කටයුතු කරනවා

    ජූලි 23, 2014

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රජයක් ලෙස කටයුතු කරමින් සෞඛ්‍ය සම්පන්න මිනිසෙකු බිහිකිරීමට කටයුතු කරන බවත් 1977න් පසුව කෘෂි ව්‍යාප්ති සේවය අඩපණ කළ අතර නැවත කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් බඳවා ගනිමින් කෘෂිකර්මාන්තය ඉදිරියට ගෙන ගියේ අපේ ආණ්ඩුව බවත් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ වන නියෝග පිළිබඳ විවාදයට එක්වෙමිනි.

     

    පළිබෝධනාශක පාලනය සම්බන්ධයෙන් වැදගත් රෙගුලාසි අද පාර්ලිමේන්තුවේදී සම්මත කරනවා. මේ සම්බන්ධයෙන් අපේ රටේ තිබෙන විවාදාත්මක තත්ත්වයට දිගු ඉතිහාසයක් පවතී. දිගු කාලීනව ඇති ව තිබෙන පළිබෝධනාශක සම්බන්ධ ගැටලුවලට කෙටි කාලීන විසඳුම් සෙවීම අපහසුයි. අතීතයේදී වල්නාශක, කෘමිනාශක ආනයනය කර නැහැ. නමුත් විදේශ ආක්‍රමණත් සමඟ අපේ රටේ නිදහස නැති වුණා සේ ම අපගේ කෘෂි ආර්ථිකය, ආහාර රටාව, සිරිත්විරිත් , සංස්කෘතිය සියල්ල විනාශ විය. පළිබෝධනාශක අපේ රටට හඳුන්වා දුන්නේ විදේශ අධ්‍යාපනය ලැබූ උගතුන් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     

    අස්වැන්න වැඩි කර ගැනීමට රසායනික පොහොර යෙදීම හා කෘමිනාශක භාවිතය අපට පුරුදු කළා. නිදහස ලබා ගත වූ වසර 65 තුළ සිදු වූ මේ ක්‍රියාවලිය නිසා අප දුක් විඳිනවා. නමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුළ අපේකම ඉස්මතු කරමින් ගොවිතැනට පුළුල් සංවර්ධනයක් ලබා දී තිබෙන බවත් රසායනික පොහොර, වල්නාශක, කෘමිනාශක භාවිතය පිළිබඳ නීතිරීති දැඩි කරන බවත් ඔහු කීය.

     

    අතීතයේදී ජල කළමනාකරණයේදී වල්නාශක විනාශ කළා. වෙළෙඳපොළේ අලෙවි කරන කෘෂි රසායන සඳහා නීතිරීති දැඩි කළ යුතුයි. සියදිවි නසා ගැනීමට මේවා යොදා ගන්නවා. ඒ නිසා පළිබෝධනාශක මිලදී ගන්නා පුද්ගලයා ගැන අවධානය යොමු කළ යුතු අතර ඔවුන්ට ගොවි හැඳුනුම්පතක් භාවිතයට යොමු කිරීම අවශ්‍ය බව ද ඔහු පෙන්වා දුන්නේය.

     

    සමාජයට, ආහාරවලට නොගැළපෙන දේ අලෙවි කිරීමට පහසුකම් සලසා දිය යුතු නැහැ. ඇතැම් නිලධාරීන් බහුජාතික සමාගම්වලට යට වී ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya