මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් යානා මූලිකාංග නඩත්තු මධ්‍යස්ථානයක් පිහිටුවීම අවශ්‍යයි

    ජූලි 22, 2014

    ත්‍රිකුණාමලයේදී ගුවන් යානා මූලිකාංග නඩත්තු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා පියවර ගෙන නැති බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්ථාවර නියෝග 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    අපේ රටට හිතකර මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. අහස් යානා උපකරණ අලුතින් නිපදවන මධ්‍යස්ථානයක් පිහිටුවීමෙන් විදේශ විනිමය ඉතුරු කර ගත හැකියි. නිෂ්පාදන පිටරට යවන්නත් අපේ නිලධාරීන් පුහුණු කරන්නත් මේ මඟින් හැකියි. විදේශ තාක්ෂණය අපේ රටට ලබා ගන්න මෙය හොඳ අවස්ථාවක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

    මෙය රජයේ තීරණයක් වුව ද ස්ථානය ගැන තවම තීරණයක් ගෙන නොමැත. මොවුන් මනකල්පිත පදනමක් මත කටයුතු කරති. යානා ගොඩබැස්ස විය හැකි ස්ථාන 3ක් ඇත. කටුනායක, මත්තල හා ත්‍රිකුණාමලය ඒවායි. මේ ස්ථාන ගැන සිතා රජය ඉතා යුක්ති සහගත ව සුදුසු තීරණයක් ගත යුතුයි.

    ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය හමු වුණ බව පැවසූ විදේශ කටයුතු අමාත්‍යවරයා විපක්ෂ නායිකාව ලෙස කටයුතු කරන විට එතුමිය මහින්ද රාජපක්ෂ මහතා නවදිල්ලියේදී හමු වූ බව ද කීය. "අපි රට තුළ පවතින රජය විවේචනය කරනවා. එය විපක්ෂයේ යුතුකමක්. හැබැයි ඉන්දියාව විදේශ රටවල් අතර තිබෙන විශ්වාසය අනුව ප්‍රශ්න ඇති කරන්න ඉදිරිපත් නොවන බව" එතුමිය පැවසූ බව සඳහන් කළ විදේශ කටයුතු අමාත්‍යවරයා ඒ ආකාරයට විපක්ෂ නායකවරයා කටයුතු නොකිරීම ගැන තමා කණගාටු වන බව ද සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya