මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    30 වෙනි මහවැලි කී‍්‍රඩා උලෙළ අද ඇරඹේ

    සැප්තැම්බර් 15, 2018

    මහවැලි ගොවි දූ පුතුන්ගේ කී‍්‍රඩා කෞශල්‍යයන් ඔප් නංවා ඔවුන්ගේ දක්ෂතා ජාත්‍යන්තරය දක්වා ගෙන යෑමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කෙරෙන මහවැලි කී‍්‍රඩා උලෙළ 30 වන වරටත්  අද (15) ඇඹිලිපිටිය මහවැලි කී‍්‍රඩාංගණයේ දි ඇරඹෙයි.

     

    “ස්වයංපෝෂිත යුගයක් – මහවැලි තාරුණ්‍යයට අපමණ අගයක්” තේමාව යටතේ මෙම 15 සහ 16 යන දෙදින පැවැත්වෙන කී‍්‍රඩා උලෙළ සඳහා මහවැලි කලාප 10 ක කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් 3000ක් පමණ සහභාගිවන අතර ජාතික මහා කී‍්‍රඩා උලෙළකට පමණක් සීමා වන මෙවර කි‍්‍රඩා උලෙළ ඉසව් 42 කින් සමන්විතය.

     

     

    එහි සමාරම්භක අවස්ථාව හෙට පෙ.ව 9.00 ට අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක සහ මහවැලි අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර සමාප්ති උත්සවය අනිද්දා ප.ව 2.00 ට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

     

     

    ශ‍්‍රී ලංකාවේ කී‍්‍රඩා ක්ෂේත‍්‍රයට කී‍්‍රඩක කි‍්‍රඩිකාවන්, පුහුණුකරුවන්, කී‍්‍රඩා නිලධාරින් මෙන්ම විනිසුරුවන් රැසක් බිහි කළ දිවයිනේ පැරණිතම කී‍්‍රඩා උලෙළක් ලෙස මහවැලි කී‍්‍රඩා උලෙළ හැදින්විය හැකිය. මීට වසර 32 කට පෙර එනම් 1986 වසරේදී මෙම කී‍්‍රඩා උලෙළ ආරම්භ කෙරුණු අතර කලාප 7 කින් ආරම්භ වූ මහවැලි කී‍්‍රඩා උලෙළ මේ වන විට කලාප 10 ක් දක්වා ව්‍යාප්ත වී තිබේ.

     

     

    1986 වසරේ ගල්නෑවේදී ආරම්භ වූ කි‍්‍රඩා උලෙළ එතැන් සිට 2012 දක්වා අඛණ්ඩව පැවැත්වුණු අතර 2013 සහ 2014 වසරවල කී‍්‍රඩා උලෙළ අතහැර දැමිණි. නමුත් නව රජය පත්වීමෙන් පසුව 2015 වසරේ සිට නැවත කී‍්‍රඩා උලෙළ ආරම්භ කළ අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත මහවැලි දරු දැරියන්ගේ දක්ෂතා ලොවට විවර කරමින් සෑම වසරකම එය උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කෙරේ.

     

     

    එදා මෙදා තුර ශ‍්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයේ ඉහළින්ම රැද වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් රැසක් මහවැලි කෙළිබිමෙන් බිහිවී තිබේ. ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ධාවන ශූරියක් වන ශ‍්‍රියානි කුලවංශ මහවැලි එච්. කලාපය නියෝජනය කරමින් ජය ලබා ආසියනු පදක්කම දක්වා පැමිණි අතර ශ‍්‍රී ලංකා පාපැදි ශූරිය වූ යූ. ඩී. ශ‍්‍රියාලතා, ශ‍්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කළ කී‍්‍රඩිකා රේණුකා අබේගුණවර්ධන යාපා සහ ශ‍්‍රී ලංකා කබඩි පිරිමි කණ්ඩායමේ හිටපු නායක විමල් රෝහණ මහවැලි කී‍්‍රඩා උළෙල ඔස්සේ බිහිවූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගෙන් කිහිප දෙනෙකි. රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට සහභාගී වු හෙල්ල විසි කිරීමේ ශූර සුමේධ රණසිංහ, වික්ටෝරියා කලාපයේ කී‍්‍රඩකයකු වන අතර ඔහු මහවැලි කලාපවලින් මෑතකදී බිහිවු විශිෂ්ට කි‍්‍රඩකයෙකි.

     

     

    මෙවර මහවැලි කී‍්‍රඩා උලෙළට සහභාගී වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට හිමිවන සුවිශේෂී ප‍්‍රතිලාභ රැසකි. පළමු ස්ථානයට පත්වන මහවැලි කලාපයට ශාරිරික සුවතා මධ්‍යස්ථානයක් ලබාදීම, හොදම කී‍්‍රඩක කී‍්‍රඩිකාවට මහවැලි ඉඩමක් ලබාදීම, සුවිශේෂ දක්ෂතා ප‍්‍රකට කරන කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් 10 දෙනෙකු සඳහා කී‍්‍රඩා ශිෂ්‍යත්ව, විශේෂ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 20 දෙනෙක් වෙත රැකියා අභිමුඛ පාඨාමාලා, හොඳම කී‍්‍රඩකයා හා කී‍්‍රඩිකාව බිහිකරන පාසලට කී‍්‍රඩා උපකරණ ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මකය.

     


    එමෙන්ම මෙම දින දෙකෙහිම සමාප්ති අවස්ථාවන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉදිරිපත් කරන පැරෂුට් සංදර්ශන, ශ‍්‍රී ලංකා පොලිසිය මගින් ඉදිරිපත් කරන නිල සුනඛ සංදර්ශන සහ මහවැලි දරුවන් 1300 ක් සහභාගිත්වයෙන් පැවැත්වෙන කෘෂිකර්මාන්තය පදනම් කරගත් සරඹ සංදර්ශනයක් සහ ජිම්නාස්ටික් සංදර්ශනයකින් සමන්විතය.

    ආසියානු ශූරතාවය දිනු ශ‍්‍රී ලංකා කාන්තා දැල්පන්දු කී‍්‍රඩිකාවන් හා මහවැලි පැරණි කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් විශේෂ ආරාධිත අමුත්තන් ලෙස මීට එක්වනු ඇත.

    මතින් තොර නිරෝගී තරුණ පරපුරක් බිහිකිරීමට කැපවෙමින් මත් ද්‍රව්‍ය නිවාරණය හා වකුගඩු රෝග නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකාය සමග එක්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද මේ හා සමගාමීව කි‍්‍රයාවට නංවා තිබීම විශේෂත්වයකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya