මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට

    සැප්තැම්බර් 11, 2018
    අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකෙරුණු නව තෙමහල් ගොඩනැගිල්ල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ ජනතා අයිතියට පැවිරිණි.
    ප්‍රදේශයේ පරිපාලන කටයුතු වඩා විධිමත් සහ කාර්යක්ෂම කිරීමේ අරමුණින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත රුපියල් ලක්ෂ 990 ක වියදමින් මෙම නව ගොඩනැගිල්ල ඉදිකර තිබේ. 
    සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැගිල්ල ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය. 
    ප්‍රදේශයේ ජනතාවට ඉඩම් හිමිකම් පත් ප්‍රදානය, ආබාධිතවූවන්ට උපකරණ ප්‍රදානය, පාසල් සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය, හම්බන්තොට දිස්ති්‍රක්කයේ කෘෂිකර්ම නිලධාරින්ගේ සේවය අගයා තිළිණ ප්‍රදානය ඇතුථ වැඩසටහන් රැසක් ද මෙහිදී කි්‍රයාත්මක කෙරිණි. 
    අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඇතුථ ප්‍රදේශයේ පක්ෂ, විපක්ෂ මහජන නියෝජිතයින් ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්.ටී.කොඩිකාර, හම්බන්තොට දිස්ති්‍රක් ලේකම්  එම්.කේ. හරිස්චන්ද්‍ර යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    ( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya