මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිරකරු සැමරුම් දින පළමු කොඩිය ජනපතිට පළදවයි

    සැප්තැම්බර් 12, 2018

    සිරගතවූවන්ගේ සුබසාධනය අරමුණු කර ගනිමින්, සෑම වසරකම සැප්තැම්බර් මස 12 වැනිදාට යෙදෙන ජාතික සිරකරු දිනයට සමගාමීව කි්‍රයාත්මක කරනු ලබන කොඩි සතියේ සමාරම්භය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය  ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමා වෙත පැලදවීය. 

    ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව මෙම කොඩි සතිය වාර්ෂිකව කි්‍රයාත්මක කරනු ලබන අතර, සිරකරුවන් උදෙසා වෛද්‍ය සායන, ඇස් කණ්ණාඩි ලබාදීම, සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුථ සිරකරුවන්ගේ පවුල් වෙනුවෙන් විවිධ ප්‍රජා සත්කාර දියත් කිරීම මෙමගින් සිදු වේ. 

    ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමයේ ව්‍යාපෘති සම්බන්ධීකරණ ලේකම් ආර්.ඒ.ඩී. සිරිසේන මහතා විසින් ජනාධිපතිතුමා වෙත ප්‍රථම කොඩිය පැලද වූ අතර අධිකරණ අමාත්‍ය තළතා අතුකෝරල, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ යන මහත්ම මහත්මීන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     ( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya