අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ 2018 ජනපති ප‍්‍රධානත්වයෙන්

    සැප්තැම්බර් 13, 2018

    ශ‍්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත‍්‍රය පෝෂණය කිරීමට උරදුන් ලේඛක ලේඛිකාවන් රාජ්‍ය සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ 2018 ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලවේ දී පැවැත්විණි.

    2017 වසරේ ශ‍්‍රී ලාංකීය සාහිත්‍ය ක්ෂේත‍්‍රයට ස්වකීය විශිෂ්ට නිර්මාණ දායකත්වයෙන් කළ සේවාව අගය කරමින් ලේඛක ලේඛිකාවෝ රැසක් මෙහි දී රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූහ.

    මීට අමතරව ශ‍්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත‍්‍රයට අනුපමේය සේවාවක් කළ සිංහල, ඉංගී‍්‍රසි හා දෙමළ මාධ්‍ය සාහිත්‍ය නිර්මාණකරුවන් තිදෙනෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන “සාහිත්‍ය රත්න” ගෞරව සම්මානය පිළිගැන්විම ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර සිංහල මාධ්‍ය වෙනුවෙන් මහාචාර්ය කේ. එන්. ඕ ධර්මදාස මහතා ද, දෙමළ මාධ්‍ය වෙනුවෙන් එම්. පොන්නම්බලම් මහතා ද ඉංගී‍්‍රසි මාධ්‍ය වෙනුවෙන් මහාචාර්ය ගනනාත් ඔබේසේකර මහතා ද එම සම්මානයෙන් පිදුම් ලැබුහ.

    ගනනාත් ඔබේසේකර මහතා වෙනුවෙන් ඒ මහතාගේ දියණිය මහාචාර්ය නලනිකා ඔබේසේකර මහත්මිය සම්මානය ලබාගත්තා ය.

    රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය, ශ‍්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධාන කරන සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 61 වන වරට ය.

    වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ සාහිත්‍ය කෘතින් ද මෙහි දී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

    අමාත්‍ය විජයදාස රාජපක්ෂ, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනුෂා ගෝකුළ, කලා මණ්ඩලයේ උපදේශක මහාචාර්ය සමන්ත හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත පිරිස් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    PMD

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya