විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගෙන කැදවාගෙන යනු ලැබීය.
අනතුරුව නව තාක්ෂණ විද්‍යාගාරය සහිත දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් සිසු දරුවන්ගේ තොරතුරු විමසීය.
අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, දකුණු පළාත් අමාත්‍ය චන්දිම රාසපුත්‍ර, එච්.ඩබ්. ගුණසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද, විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතු`ථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.