මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා වන ජාතික ගොවි සභාව අද

    සැප්තැම්බර් 10, 2018

    ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා වන ජාතික ගොවි සභාව අද (10) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දී පැවැත්වේ.

    අප රටේ මේ වනවිට පුරන් ව ගිය කුඹු අක්කර 1,40,000ක් පමණ ප්‍රමාණයක් තිබෙන අතර වසර ගණනාවක් තිස්සේ මෙම කුඹුරු කිසිම අයුරකින් වගාව සඳහා භාවිතා කර නැත. මෙයින්අක්කර  1,14,000ක් සම්පූර්ණයෙන්ම ඵලදායි ලෙස වගා කළ හැකි කුඹුරු වේ. නමුත් මෙම කුඹුරුවල අයිතිකරුවන් වගා කිරීමට කිසිවෙක් නොමැතිවීම හෝ ශ්‍රම හිගය හෝ වෙනත් කරුණු හේතුවෙන් ඒවා වගා කිරීම පැහැර හරින බව පෙනී ගොස් තිබේ.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වීම මත මේ වනවිට ඉන් කුඹුරු අක්කර  26,000ක් නැවත අස්වැද්දීමට පියවර ගෙන ඇති අතර ඉතිරි කුඹුරු තවමත් නිසි පරිදි වගා කිරීමට පියවර ගෙන නැත.

    එමනිසා මෙම කරුණු සැළකිල්ලට ගනිමින් 2018 මහ කන්නයේ දී සියලුම පුරන්ව ගිය කුඹුරු අස්වැද්දීම සඳහා  එම කුඹුරු අයිතිකරුවන් පෙළඹවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් දැඩි තීන්දුවක් ගෙන තිබේ. ඒ අනුව එම කුඹුරු හිමියන් ඒවා අස්වැද්දීමට පියවර නොගන්නේ නම් එම කුඹුරු යුධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය හා කුඹුරු අස්වැද්දීමට උනන්දුවක් දක්වන තරුණයින්හට ලබා දී ඒවා නැවත අස්වැද්දීමේ අවසන් තීරණය මේ වනවිට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගෙන ඇත. මේ සම්බන්ධයෙන් දැනටමත් එම කුඹුරු අයිතිකරුවන් වෙත ද  දැනුම් දී තිබේ.

    මෙහිදී අයිතිය පැවරීමක් සිදු නොවන නමුත් එම කුඹුරු අයිතිකරුවන් විසින් වගා කිරීම පැහැර හරින්නේ නම්, වෙනත් පුද්ගලයින් යොදවා ඒවා අස්වැද්දීමට පියවර ගැනේ.

    ශ්‍රී ලංකාවේ පුරන්ව ගිය කුඹුරු නැවත අස්වැද්දීම සඳහා ගොවීන් දැනුම්වත් කිරීමේ ගොවි සභාවක් පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලබා දී ඇති උපදෙස් පරිදි  අද දින (10) එම ගොවි සභාව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට රුහුණු මාගම්පුර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. එම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය .

    පුරන් කුඹුරු නැවත අස්වද්දා රටට අවශ්‍ය ආහාර නිපදවීමට පියවර ගැනීම මෙහි අරමුණ වන අතර, ලබන වසරේ දී මොරගහකන්ද , කළුගග ව්‍යාපෘතියේ ජලය දිස්ත්‍රික්ක ගණනාවකට ලැබෙන නිසා 2018 වී අස්වැන්න ඉහළයාමට හැකි බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    මේ අතර අද දින (10) අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල අතිගරු ජනාධිපතිතුමන් අතින් විවෘත කෙරෙන අතර එතුමා කොටවාය මහා විද්‍යාලයේ පැවැත්වෙන උත්සවයකට ද සහභාගි වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya