අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු මන්ත්‍රී කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ ගැටළුවලට විසඳුම්

    සැප්තැම්බර් 10, 2018

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩල නිලධාරීන් රාජකාරි කිරීමේදී මුහුණපාන ගැටළු සහ අවශ්‍යතා සම්බන්ධයෙන් කඩිනමින් විසඳුම් ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ආණ්ඩු පක්ෂ කාර්යාලයේ දී පැවැත්විණි.

    පැවැති සාකච්ඡාවේ දී පවතින ගැටළුවලට කඩිනමින් විසදුම් ලබ ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් කේ. මල්කාන්ති මහත්මියට උපදෙස් ලබාදුණි.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් කේ මල්කාන්ති මහත්මිය ඇතුළු මන්ත්‍රී කාර්යමණ්ඩල නියෝජනය කරමින් එහි නියෝජිතයින් කිහිපදෙනෙක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya