මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ වැඩ නිම කළ සංවර්ධන ව්‍යාපෘති 47 ක් අද දින ජනතා අයිතියට

    අගෝස්තු 01, 2018

    “පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ තෙදිනක් තුළ ජනතා අයිතියට පවරාදීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති 180 අතරින් ව්‍යාපෘති 47 ක් ජනතා අයිතියට පවරා දීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්, මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් අද (01) දින සිදු විය.

    මෙම ව්‍යාපෘති තුළින් වැඩිම ප‍්‍රතිලාභ හිමිකර දී තිබෙන්නේ රටේ අනාගතය භාර ගැනීමට සිටින දූ දරුවන්ට වීම විශේෂත්වයක් වන අතර, දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ල ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පවරා දෙමින් අද දින වැඩසටහන්වල සමාරම්භය සනිටුහන් කෙරිණි.

    මෙම ව්‍යපෘති ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඒ ඒ ප‍්‍රදේශවල ජනතාව මහත් උද්‍යෝගයෙන් යුතුව සහභාගී වූයේ, තම දීර්ඝ කාලීන සිහිනයන් සැබෑ වූ මොහොත දැක බලා ගැනීමටය.

    මෙම විවෘත කිරීමේ අවස්ථාවන්ට මැති ඇමතිවරුන් ට අමතරව විද්වතුන්, කලාකරුවන්, මහා සංඝරත්නය, සෙසු ආගමික නායකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.

    සේවාගම, ඕනෑගම ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවක් වූ පානිය ජල ගැටලුවට ස්ථීර සාර විසඳුමක් ලෙස මාස 20කින් නිමකිරීමට නියමිත ජල යෝජනා ක‍්‍රමයේ වැඩ ආරම්භ කිරීම නාගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, ඒ. එල්. එම්. හිස්බුල්ලා, පී. හැරිසන් යන අමාත්‍යවරුන් අතින් සිදු විය.

    පවුල් දෙදහසකට වැඩි පිරිසකට සෙත සැලසෙන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 425 ක මුදලක් වැය කෙරිණි.

    මීට අමතරව පවුල් 250කට සෙත සැලසෙන පූදුර් පානීය ජල යෝජනා ක‍්‍රමය විවෘත කිරීම ද පූදුර් මුස්ලිම් කනිෂ්ඨ විද්‍යාලයේ පංති කාමර 08 කින් යුත් දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීම ද අද පෙරවරුවේ එම අමාත්‍යවරුන් අතින් සිදුකෙරිණි.

    පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ ප‍්‍රතිසංස්කරණය කරන ලද කවුඩුළු වැව දේවාලය විවෘත කිරීම සහ නව විශ‍්‍රාමශාලාව ජනතා අයිතියට පවරාදීම අමාත්‍ය දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර සිඞ්නි ජයරත්න යන මහත්වරුන් අතින් සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya