අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 127 වන සංවත්සර උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    ජූලි 16, 2014
    ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 127 වන සංවත්සර උත්සවය සහ අන්තර්ජාතික සමුළුවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.


    ආසියානු හා ශාන්තිකර කලාපයේ පැරණිතම වෛද්‍ය වෘත්තීය ආයතනය වන මේ සංගමයේ වාර්ෂික සමුළුවකට රාජ්‍ය නායකයෙකුට ආරාධනා ලැබුණේ වසර 27කට පසුව වීම විශේෂත්වයකි.

    එම ආරාධනාව ගෞරවයෙන් පිළිගත් ජනාධිපතිතුමා සංවත්සර උත්සවය සඳහා සහභාගි විය.

    "ශ්‍රී ලංකාවේ ඖෂධ පිළිබඳ ඉතිහාසය" නම් ග්‍රන්ථය ප්‍රකාශයට කරමින් එහි පළමු පිටපත මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    "ශ්‍රී ලංකා වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතිය සහ අභියෝග " යන්න මෙවර සමුළුවේ තේමාව වේ. සමුළුවට සහභාගි වන ශ්‍රී ලාංකික හා විදේශීය විද්වතුන්ට මේ තේමාවට අනුකූලව ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවයේ සාර්ථකත්වය පිළිබඳවත් එයින් වෙනත් රටවලට විශේෂයෙන් දියුණුවන රටවලට ලබා ගත හැකි ආදර්ශයන් පිළිබඳවත්, අප වෛද්‍ය සේවයේ ගුණාත්මක බව ඉහළ නංවාලීම සඳහා අනාගතයේදී ගත යුතු පියවර පිළිබඳවත් මෙවර සමුළුවේදී නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය. 

    සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය තිස්ස කප්පාගොඩ, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/pix by Nishanka de Silva

    01 1

     

     

    02

     

    04

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya