මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවිතිගල දෑල මහා විද්‍යාලයේ නව ශ්‍රවණාගාරය සිසු අයිතියට

    ජූලි 16, 2014
    රත්නපුර නිවිතිගල දෑල මහා විද්‍යාලයේ ඉදිකරන ලද ෆ්‍රැන්සිස් දෑල අනුස්මරණ ශ්‍රවණාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (15) සිසු අයිතියට පැවරිණි.
     
    මාලදිවයින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඩික්සන් දෑල මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් විද්‍යාලයට ලබාදෙන ලද මෙම ශ්‍රවණාගාරය සියලු පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක් ලෙස ඉදිකර ඇත.
     
    ශ්‍රවණාගාරය සිසු අයිතියට පැවරීමට විද්‍යාලයට ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව එම පාසලේ දරුවෝ මහත් හරසරින් යුතුව පිළිගනු ලැබූහ. සමරු ඵලකය නිරාවරණය කර ශ්‍රවණාගාරය සිසු අයිතියට පැවරූ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
     
    ජනාධිපතිතුමාගේ පැමිණීම සැලවීමෙන් ප්‍රදේශවාසීන් ද අති විශාල පිරිසක් විද්‍යාලයට රැස්ව සිටි අතර ඔවුන් සමඟ සුහදව කතා කිරීමට ද ජනාධිපතිතුමා අමතක නොකළේය.
     
    අමාත්‍යවරුන් වන ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න, පවිත්‍රා වන්නිආරච්චි, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, අමාත්‍ය මහීපාල හේරත් මහත්ම මහත්මීන් ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයින්ද මාලදිවයින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඩික්සන් දෑල මහතා ඇතුළු එම පවුලේ අයද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    HE RATHNAPURA DELA SCHOOL 1
     
     
    HE RATHNAPURA DELA SCHOOL 2
     
    HE RATHNAPURA DELA SCHOOL 3
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya