පාර්ලිමේන්තුව විසින් පත්කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාව පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් පවත්වනු ලබන විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා අද (30) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය
අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ජනතාවගෙන් සම්මත වීම අවශ්‍යයි. නව ව්‍යවස්ථාව මඟින් සමාජ ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේ නැති වුවත් දේශපාලන ව්‍යුහය තුළ සමහර ප්‍රශ්නවලට කෙටු කාලීන විසදුම් ඇතිකරන ප්‍රතිසංස්කරණයක් වෙනවා.
විශේෂයෙන්ම අලුත් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව අවශ්‍යයි කියන්නේ, ජීවිත පුදලා, අවසානයේ දී රටට ව්‍යවස්ථවක් අවශ්‍යයි කියන තැනට තල්ලු වෙලා තියෙනවා.මෙම විවාදය සාකච්ඡා කරන්න හොඳ අවස්ථාවක්. මේ රටේ පාර්ලිමේන්තුව විනාශ කළා, අධිකරණය විනාශ කලා. පසුගිය කාලයේ නීතියක් තිබුණේ නෑ. අතිශය වැදගත් වන්නේ රටේ ආර්ථිකයයි. යම් ආකාරයක තීරණාත්මක ප්‍රශ්න අලුත් ව්‍යවස්ථවකින් විසඳගන්න හැකි වේවි. විධායක ජනාධිපතික්‍රමයෙන් රට ආරක්ෂා වෙලා තිබුණේ නෑ. රට දණ ගැස්සුවා පමණයි . පාර්ලිමේන්තුවට බලතල ලැබෙන බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් අවශ්‍යයි යැයි ද මන්ත්‍රීවරයා පැවසී ය.