පාර්ලිමේන්තුව විසින් පත්කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාව පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් පවත්වනු ලබන විවාදය අද (30) ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.
අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලි සකස් කරනවිට පුළුල් සංවාදයක් වුණේ නෑ. මෙහිදී කරන්නේ පුළුල් සංවාදයට මූලික සංවාදයක් පාර්ලිමේන්තුවේ ආරම්භ කරන්නයි. මෙහෙයුම් කමිටුවේ කළේ, ජනතා අඳහස් ගැන යම් යම් සංවාද ඇති කර ගත්තා. තිරසාර නිගමනයකට අප පැමිණ නෑ. අදහස් පුළුවන් තරම් දුරට වාර්තාවට එකතු කිරීම පමණයි. එය අවසාන තීරණය නොවේ. අවසන් තීරණ ආණ්ඩුක්‍රම මෙහෙයුම් මණ්ඩලයට ලබාදෙන්න කිව්වා. කිසිම අවසාන තීන්දුවක් අරගෙන නෑ. ව්‍යවස්ථාව හදලා ඉවරයි කියලා හිතන්නේ. මේ විවාදයෙන් පසු ව්‍යවස්ථා මණ්ඩලය රැස්වෙලා, එකඟ නොවන කාරණා පිළිබඳ පුළුල් එකඟතාවක් ඇතිකරගන්න කටයුතු කරන්න ඕන. මේ පිළිබඳ විවිධ මත තියෙනවා. ජනතාව තුළ සැකයක් ඇති කර තිබෙනවා. මේ ව්‍යවස්ථාව සැදීමේ මතය කුමක්ද? ජනමත විචාරණයට තුඩු දෙන වගන්ති සංශෝධයකට යන්නේ නෑ කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාමුවත් එයයි.
බලය බෙදීම ගැනවිවිධ කාරණා කිව්වා .එසේ වුණේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉල්ලා සිටියා මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුයි කිව්වා.විධායක ජනාධිපතිවරයෙක් සිටිය යුතුයි. එය පාර්ලිමේන්තුවෙන් තෝරන්න අවශ්‍ය නෑ.ජනතා ඡන්දයෙන් තෝරන ජනාධිපතිවරයෙක් සිටිය යුතුයි.19 ව්‍යවස්ථා සංශෝධන්යේ දී අපි එකඟ වුණා, බලය බෙදීමට සාධරණ ක්‍රමයක් ලබාගන්නයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතිවාදී පක්ෂයක් නොවේ. පිටින් විනිසුරුවරු ගන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණ පුළුල් කරන්න, ව්‍යවස්ථාදායක අධිකරණයක් එතැනින් පත් කරන්න.
ආණ්ඩුකාරවරයා ගැන සකච්ඡා කළා.ඒ නිසා ජනාධිපති නියෝජිත ලෙස ආණ්ඩුකාරවරයා පත් කළ යුතුයි. ඒ ප්‍රදේශයේ නීතිය සාමය ආරක්ෂා කරන්න,ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ආණ්ඩුකාරවරයාට බලය තිබෙන්න ඕන. විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම සම්පූර්ණයෙන් ම අහෝසි කිරීම ප්‍රඥා ගෝචර නොවේ. බලතල ප්‍රමාණයක් සහිත ජනාධිපතිවරයකු, ජනතා ඡන්දයෙන් පත් කරගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයයි. එය ජාතික සංහිදියාව සඳහා ප්‍රායෝගික විසදුමක් වෙයි. අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ජනපති විය යුතුයි. අමාත්‍යවරුන්ගේ ගණන 30කට සීමා කර විද්‍යාණුකූලව අමාත්‍ය මණඩලය බෙදිය යුතු බව යෝජනා කරයි.විද්‍යාත්මක පදනමකට අමාත්‍යාංශ බෙදන්න. මහාසංඝරත්නය බිය විය යුතු නෑ. ජාතික හා ආගමික අනන්‍යතාවයන් විනාශයට පත් කර ව්‍යවස්ථා හදන්න අවශ්‍ය නෑ.අප තුන් කල් බලා සිදු කළ යෝජනායි. වැදගත් යෝජනා රැසක් ඉදිරිපත් කර තිබෙනවා. දේශපාලන න්‍යය පත්‍ර පැත්තක තැබිය යුතුයි. මෙය හොඳම වේලාවයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.