නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෞද්ධ ජනතාවට ප්‍රධාන තැන ලබාදීම අපට ප්‍රශ්නයක් නොවේ- බොහෝ යෝජනාවලට දෙමළ පක්ෂ එකඟ වී සිටිනවා

    ඔක්තෝබර් 30, 2017

    බෞද්ධ ජනතාවට ප්‍රධාන තැන ලබාදීම අපට ප්‍රශ්නයක් නොවේ.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන බොහෝ යෝජනාවලට දෙමළ පක්ෂ එකඟ වී සිටින බවත් යෝජනා සම්බන්ධයෙන් මෙහෙයුම් කමිටුවේ සාකච්ඡා කිරීමට ඉඩ සළසා තිබෙන බවත්  ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

    පාර්ලිමේන්තුව විසින් පත්කරන ලද ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාව පිළිබඳ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩලය විසින් පවත්වනු ලබන විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා අද (30) පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසීය.

    මෙය ඓතිහාසික අවස්ථාවක්. දෙමළ පක්ෂ නියෝජනය කරන පක්ෂ එකඟතාවය පළ කරනවා මේ යෝජනා වලට. දෙමළ පක්ෂ එකඟ වෙනවා මෙහි බොහෝ යෝජනාවලට. ජාතික ප්‍රශ්නය සම්බන්ධයේ එකඟතාවයට එන්න අපහසු වුණත්, අද ඓතිහාසික අවස්ථාවක් එළඹී තිබෙනවා. එකඟතාවයට පැමිණීමේ අරමුණට එන්න මූලික කරුණු සාකච්ඡාවට සූදානම්. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීම කියන ප්‍රශ්නය ගත් විට රටේ විවිධ මත පළ කරනවා.මෙය මැතිවරණ අවස්ථාවේ ලබාදුන් පොරොන්දුවක්.


    මහින්ද රාජපක්ෂ මහතාත් ප්‍රකාශ කළා අලුත් ව්‍යවස්ථාවක් සකස් කරන බව. එතුමාගේ මැතිවරණ ප්‍රකාශයෙත් කියා තිබුණා.සමස්ත පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් බවට පත් කරතිබෙනවා. එදා මහින්ද රාජපක්ෂ මහතා කිව්වේ ඒ දෙයයි. ඒ නිසා ඡන්ද දුන්න අයගෙන් සියයට 97%කට වඩා ඡන්දය ලබාදී තිබෙන්නේ අලුත් ව්‍යවස්ථාවක් අපේ රටට නිර්මාණය කිරීමටයි.මෙය මහාපරිමාණ බලවරමක්. මෙය බල රහිත කරන්නේ කෙසේ ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නීතිවිරෝධී කීම කිසිම අර්ථයක් නෑ. සියලු පුරවැසියන්ට සමාන අවස්ථාව ලබාදිය යුතුයි. පුරවැසියන්ට සියලු දෙනාට සමනව සළකන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ද කියන එක තේරුම් ගන්න ඕන.බෞද්ධ ජනතාවට ප්‍රධාන තැන ලබාදීම අපට ප්‍රශ්නයක් නොවේ. එය අවශ්‍ය නම් එය ලබාදෙන්න සූදානම් යැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya