පාර්ලිමේන්තුව විසින් පත්කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාව පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් පවත්වනු ලබන විවාදය අද (30) ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය
මෙය ඓතිහාසික විවාදයක්.අපේ රටට නිදහස ලැබුණට පස්සේ දෙවරක් ව්‍යවස්ථාව සම්මත කළා. ලංකා ඉතිහාසයේ පළමුවරට සියලු පක්ෂ සියලු ජාතීන් මෙසයක් වටේ වාඩි වෙලා වාර්තාව සකස් කර තිබෙන්නේ. සියයට 30%ක්
ද්‍රවිස භාෂාව කතාකරන අය. මෙය සම්පූර්ණ ලියැවිල්ල නොවේ, අවසාන ලියවිල්ලත් නොවේ. යෝජනා තිබෙනවා. ව්‍යවස්ථා දායක සභාවට අවශ්‍ය පරිදි සංශෝධනය කළ හැකියි. මහින්ද රාජපක්ෂ මහතා කිව්වා 13ට වඩා යමක් දෙනවා කිව්වා. එස්සරලා කතා කළේ මහින්ද රාජපක්ෂ මහතායි. යුද්ධය අවසන් වුණාට පස්සේ,
පාර්ලිමේන්තුව යෝජනා කරන ඕනම විසඳුමකට සූදානම් කිව්වා හිටපු ජනාධිපති. එතුමා කිව්වේ අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා. ඔහුට බැරි වුණා තෙරීරීම්කාරක සභාවක් පත්කරගන්න. එතුමාට වුවමණාවක් තිබ්බා. යහපාලන ආණ්ඩුවට හැකිවී තිබෙනවා සියලු පක්ෂ එකතුවෙලා, ශීලාචාර ආණ්ඩුවක් ලෙස ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡා කරන්න. අතුරු වාර්තාවේ බුද්ධාගමට ලැබිය යුතු ප්‍රමුඛස්ථානය ලැබෙනවා. මේ යෝජනා ගැන විවිද මත කියනවා.
ඒකීය රාජ්‍ය සංකල්පය මේ යෝජනවේ ආරක්ෂා වෙනවා. ඒකීය රාජ්‍යයට කිසිම හානියක් නෑ. නිදහස ලැබුණයි පස්සේ,ප්‍රධාන පක්ෂ එකතු නොවීම නිසා තිස් වසරක යුද්ධයකට ගියා. දෙගොල්ලොම නිසා, ප්‍රමාද වී හෝ අප මෙය තේරුම් ගත යුතුයි. පටු දේශපාලන වාසි ගන්නේ නැතිව මේ ප්‍රශ්නය අවසන් කරමු යැයි ද අමාත්‍යවරයා පැවසී ය.