ජනාධිපතිතුමා මේ බව පෙන්වා දුන්නේ අද (30) පෙරවරුවේ මහනුවර අර්ල් රිජන්සි හෝටලයේ පැවති ජාත්‍යන්තර ගම්මිරිස් ප‍්‍රජාවේ 45 වන ජාත්‍යන්තර සමුළුව අමතමිනි.
අපේ රටේ කෘෂි ආර්ථිකය පිළිබඳව තිබෙන ඓතිහාසික තොරතුරු සමඟ නැවත රට කෘෂි ආර්ථිකයක් කරා ගෙන යන ගමනේදී ගම්මිරිස් කර්මාන්තය ඉතා වැදගත් ක්ෂේත‍්‍රයක් බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.
ගම්මිරිස් ගොවීන් ශක්තිමත් කිරීමට සහ එම කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු පියවර ගැනීමට රජය කටයුතු කරන අතර, ප‍්‍රති අපනයනය හේතුවෙන් පසුගිය කාලය තුළ දේශීය ගම්මිරිස් මිල පහත වැටීමක් සිදු වුවද රජයක් ලෙස ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම ලබාදීමට කටයුතු කළ බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
දේශීය කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත ඉහළ නැංවීමට රජය ආරම්භ කළ ප‍්‍රමුඛ ව්‍යාපෘතීන් වන ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන තුළ මෙන්ම ග‍්‍රාමශක්තී ජනතා ව්‍යාපාරය තුළ ද ගම්මිරිස් කර්මාන්තයේ ප‍්‍රවර්ධනය සඳහා වැඩසටහන් රැසක් අන්තර්ගත බව ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.
විශ්වීය කුළුබඩු ලෙස හඳුන්වන ගම්මිරිස්, ලෝකයේ වැඩියෙන්ම පරිභෝජනය කරන ස්වභාවික රසකාරකය වේ. ලෝක ගම්මිරිස් පරිභෝජනයේ සීඝ‍්‍ර වර්ධනයත් සමග ගම්මිරිස් නිෂ්පාදනය කරන රටවල එකමුතුවක අවශ්‍යතාවය පැනනැගුණු අතර ගම්මිරිස් නිෂ්පාදනය හා අළෙවි ප‍්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් 1972 දී පිහිටුවන ලද අන්තර් ජාතික ගම්මිරිස් ප‍්‍රජාව මේ වන විට ලොව පිළිගත් අන්තර් ජාතික සංවිධානයක් බවට පත්ව ඇත. ගම්මිරිස් නිෂ්පාදනය කරන ප‍්‍රධාන රටවල් වන ඉන්දුනිසියාව, වියට්නාමය, මැලේසියාව, ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව මෙහි පූර්ණ සාමාජිකත්වය දරණ අතර පිලිපීනය හා පැපුවානිව්ගිනියාව ආශි‍්‍රත සාමාජිකත්වය දරයි.
ලෝකයේ හෙක්ටයාර් 475,000 ක පමණ වූ වපසරියක ගම්මිරිස් වගාව ව්‍යාප්තව ඇති අතර මෙ.ටො. 430,000ක් පමණ නිෂ්පාදනයක් ලෝක වෙළෙඳපොළට වාර්ෂිකව නිකුත් කරනු ලැබේ. ඒ අනුව ගෝලීය වාර්ෂික ගම්මිරිස් පරිභෝජනය මෙ.ටො. 420,000ක් පමණ වේ.
ගම්මිරිස් ශී‍්‍ර ලංකාවේ ද ප‍්‍රධානතම අපනයන බෝගයක් වන අතර හෙක්ටයාර් 40,000ක පමණ වගා වපසරියක ව්‍යාප්තව ඇත. එමෙන්ම වසරකට ගම්මිරිස් මෙ.ටො 15,000ක් පමණ අපනයනය කර රුපියල් මිලියන 10,000ක් පමණ වූ විදේශ විනිමය ප‍්‍රමාණයක් දේශයට උපයා දෙයි. සාමාන්‍යයෙන් අපනයන බෝග ආශි‍්‍රතව පාර්ශ්වකරුවන් ලක්ෂ 10ක පමණ කටයුතු කරන අතර ගම්මිරිස් කර්මාන්තය ආශි‍්‍රතව ගොවි පවුල් ලක්ෂ 04ක් පමණ ජීවිකාව පවත්වාගෙන යනු ලැබේ.
ජාත්‍යන්තර ගම්මිරිස් ප‍්‍රජාවගේ 45 වන ජාත්‍යන්තර සමුළුව ඔක්තෝබර් 30 වනදා සිට නොවැම්බර් 02 වනදා දක්වා මහනුවරදී පැවැත්වෙන අතර සාමාජික රටවල නියෝජිතයින් 100 ක පමණ ඊට එක්ව සිටිති.
ශී‍්‍ර ලංකාවේ කුළුබඩු නිෂ්පාදනය පිළිබඳව විශේෂ ප‍්‍රදර්ශනයක් ද මේ හා සමගාමීව සංවිධානය කර තිබෙන අතර එම ප‍්‍රදර්ශනය ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය. දීප ව්‍යාප්තව පැවති තරගවලින් ජයග‍්‍රහණය කළ සිසු සිසුවියන්ට තිළිණ සහ සම්මාන පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. එමෙන්ම ගම්මිරිස් කර්මාන්තයේ හොඳම වගාකරු, හොඳම තවාන්කරු, හොඳම අපනයනයකරු සහ හොඳම අගය වැඩිකළ නිෂ්පාදකයාට ද ජනාධිපතිතුමා අතින් සම්මාන පිරිනැමිණි.
අමාත්‍ය දයා ගමගේ, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, අන්තර්ජාතික ගම්මිරිස් ප‍්‍රජාවේ සභාපති බන්දුල වික‍්‍රමාරච්චි, විධායක අධ්‍යක්ෂ හෝග් තී ලියන්, අන්තර්ජාතික ගම්මිරිස් ප‍්‍රජාවේ ශී‍්‍ර ලංකා නියෝජිත ආචාර්ය අශෝක සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.