ශක්තිමත් සහ ගෞරවාන්විත ආර්ථීකයකින් හෙබි තිරසාර ශ්‍රී ලංකාවක් තුළ සියලු ආකාරයේ දිළිදුකම මුලිනුපුටා දැමීමේ ජනාධිපතිතුමාගේ දැක්ම අනුව ක්‍රීයාත්මක මුඛ්‍ය වැඩසටහන ලෙස ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය දියත්කෙරේ.
ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයට අදාළ ජාතික වැඩපිළිවෙළ එළිදැක්වීම මෙහිදී සිදු කෙරුණු අතර, 2017 වර්ෂයට අදාළව ගම් දහසක වැඩපිළිවෙළ සංකේතාත්මකව ක්‍රියාවට නැංවීම, යාවත්කාලීන කරන ලද ගැමිදිරිය ගම් 2040 ග්‍රාමශක්ති වැඩසටහන යටතට එක්කිරීම, දිළිදුකම පිටුදැකීමේ ජාතික වැඩපිළිවෙළට අදාළ පුද්ගලික අංශ සහයෝගීතාවය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ද සිදු කෙරිණි.
එමෙන්ම ග්‍රාමීය තරුණ තරුණියන්ට තොරතුරු තාක්ෂණ දැනුම ලබාදීම සදහා එයාටෙල් ආයතනය සමග ඒකාබද්ධ වූ වැඩසටහන ක්‍රියාවට නැංවීම ද මෙහිදී සිදුවිය.
ජාතික කෘෂි ව්‍යාපාර සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යවසායකත්ව තරුණ තරුණියන්ට ණය පහසුකම් ලබාදීම ද සිදු කෙරිණි.
2018 වර්ෂය ජාතික ආහාර නිෂ්පාදන වර්ෂය බවට නම් කරමින් මෙරට කෘෂිකර්මාන්තය සහ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කරනු ලබන කැපවීම ඇගයීමට ලක්කරමින් ජාත්‍යන්තර කෘෂිකර්ම සංවර්ධන පදනමේ ශ්‍රී ලංකා නියෝජිත හියුබට් බොයිරාඩ් මහතා විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ ඇගයීම් සම්මානයක් පිරිනැමීම ද මෙහිදී සිදුවිය.
මැති ඇමතිවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු පළාත් මැති ඇමතිවරුන් ද, ජනාධිපති ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙන්ම දෙස් විදෙස් සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියහ.