අමාත්‍යවරයා අද (20) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, මෝටර් වාහන පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේ අඳහස් දක්වමිනි.
ත්‍රීරෝද රථ නියාමනය සඳහා කරුණු කිහිපයක් මෙමඟින් ඉදිරිපත් කර තිබෙනවා. මාර්ගය භාවිතා කරන අනෙක් අයට කරදරයක් නොවන ශබ්දයන් සවි නොකළ යුතු බවට ද කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ත්‍රිවීල් රථවල අනිවාර්යයෙන්ම මීටරයක් සවි කළ යුතුයි. කිසියම් කෙනකු රිසිට් එකක් ඉල්ලුවොත් එය ද දිය යුතුයි. මිල පාලනයට ක්‍රමවේදයක් අපි සකස් කර තිබෙනවා. ත්‍රීරෝද රථවල විවිධ චිත්‍ර ඇඳ තිබෙනවා. පාරේ යන අයගේ අවධානය එයට යොමු වෙනවා. අනවශ්‍ය චිත්‍ර යනාදිය ප්‍රර්ශනය නොකළ යුතුයි. ත්‍රීරෝද රථ අනතුරු වැඩියි. මාරක අනතුරු ඇති වෙනවා.
2007 සිට 2016 දක්වා රිය අනතුරු 366167 ක් සිදු වෙනවා. 25624 ක් මරණයට පත්වෙලා. උතුරේ යුද්ධයට වඩා පුද්ගයන් මරණයට පත්වෙලා. ඒ නිසා රිය අනතුරුවලින් මරණයට පත්වෙනවා. විශේෂයෙන්ම දුම්රිය හරස් මාර්ගවල සිදු වන අනතුරු වැඩියි. දුම්රිය හරස් මාර්ගවල නොසැලකිල්ලෙන් පදවන අයට රුපියල් 25000 ක දඩයක් ගහනවා. අවුරුදු 18 පිරුණු විට තරුණයින් ත්‍රිරෝද ගන්නවා. ඉදිරියේ දී වයස 35 අඩු අයට ත්‍රීවිල් කුලියට දුවන්න ඉඩ නොදීමට අපි තීරණයක් ගන්නවා. දැන් ගත්ත අයට කරන්න දෙයක් නැහැ.
මිලියනකට වඩා ත්‍රිවිල් තිබේ. පාරවලට එය දැරිය නොහැකියි. ත්‍රිවිල් මාර්කට් එකට එන එක පාලනය කළ යුතුයි. ත්‍රිවිල් අතිරික්තය හයර් එකට, පාර් එකට ගහ ගන්නවා. බස් රථත් එහෙමයි. ඒවා ගෙන්වීමේදි පරිසර දූෂණය වැළැක්වීමට විදුලියෙන් දුවන කාර්, බස්, ත්‍රිවිල් ගෙන්වීමට කටයුතු කළ යුතුයි.
අද රෑ සිට දුම්රිය වැඩ වර්ජනයක් කරනවා කියනවා. දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ වෘත්තීය සමිති සන්ධානයක් තිබෙනවා. ඒ අයගේ වැටුප් තලය එම් පී 1 හා 2 ලෙස සංශෝධනය කරන්න කියා ඔවුන් ඉල්ලා සිටියා. අපි හා අගමැති ලේකම් එක්ක ඔවුන් කතා කළා. වැටුප් ව්‍යූහය ඔවුන් ඉල්ලන ලෙස සැකසීමට වැටුප් සංඛ්‍යා කොමිසමට දැනුම් දුන්නා අගමැති ලේකම්වරයා. ජාතික වැටුප් හා සේවක කොමිසම් සභාව මේ අයගේ ඉල්ලීම දෙන්න බෑ කියලා කියනවා. සෞඛ්‍ය වෘත්තීය ඒකාබද්ධ බලමණ්ඩලය ඔවුන්ටත් ඕන කියලා දැනුම් දී තිබෙනවා. මේවා වෘත්තිකයන් තේරුම් ගත යුතුයි. මේ ප්‍රායෝගික ගැටලු තිබෙනවා. නියෝජ්‍ය ඇමැති තවදුරටත් සාකච්ඡා කරනවා. වෘත්තීය සමිති සමිති අතර තිබෙන ප්‍රශ්න මේවා. විසඳන්නේ කොහොමද.
දුම්රිය සේවාව අඩාල නොකර සේවයට වාර්තා කරන්න. එක් දින වැඩ වර්ජනය නිසා මිලියන 17 ක ගියවර පාඩුව සිදුවුණා. වසරකට මිලියන 6000 ක විතර පාඩු පිට දුම්රිය දුවන්නේ. මගී ප්‍රවාහන සේවාව යථාවත් කිරීමට අපිටත් දැඩි පියවර ගන්න වෙනවා. ජනතාව කුපිත වෙනවා. ජනතාවට සංවේදි වන සේවාවන් කඩාකප්පල් කළොත් ජනතාව නීතිය අතට ගනීවි. ඒ නිසා සේවයට වාර්තා කරන්න. වැටුප් කොමිසම එක්ක කතා කර ප්‍රශ්නය විසඳා ගත යුතුයි.