නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සයිටම් ආයතනය පිළිබඳ රජයේ අවසාන විසඳුම ලබන සතියේදී

    ඔක්තෝබර් 20, 2017

    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඇක්වයිනාස් විශ්වවිද්‍යාල ආයතනයේ වාර්ෂික උපාධි ප‍්‍රදානෝත්සවයට ඊයේ  (19) එක් වෙමිනි.

    සයිටම් ආයතනය පිළිබඳව ගැටලුව විසඳීම සඳහා පසුගිය කාලය තුළ රජය පියවර රැසක් ගනු ලැබුව ද එම විසඳුම් පිළිබඳව විවිධ ආකල්ප ඉදිරිපත්වූ බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

    කෙසේ වෙතත් ලබන සතියේදී රජය ප‍්‍රකාශයට පත්කරන අවසාන විසඳුම එම උද්ඝෝෂණ කළ සිසුන් ප‍්‍රමුඛව විරුද්ධ ආකල්ප දැක්වූ බොහෝ අයට ප‍්‍රමාණවත් වනු ඇති බව ජනාධිපතිතුමා කියා සිටියේය.

    නවෝත්පාදන ආර්ථිකයට අවශ්‍ය උගතුන් බිහි කිරීමේදී රාජ්‍ය විශ්වවිද්‍යාලවලට මෙන්ම රාජ්‍ය නොවන අංශවලට ද වගකීම් පැවරෙන බව පැවසූ ජනාධිපතිතුමා අධ්‍යාපනයේ තිබිය යුතු ප‍්‍රමිතිය සහ ගුණාත්මක භාවය ආරක්ෂා කර ගනිමින් එම සියලු ආයතන කටයුතු කළයුතු බව ද සඳහන් කළේය.

    ඇක්වයිනාස් ආයතනයේ 08 වන උපාධි ප‍්‍රදානෝත්සවය මෙය වන අතර මනෝවිද්‍යාව උපදේශනය පිළිබඳව ශාස්ත‍්‍රවේදී උපාධිය, තොරතුරු තාක්ෂණය පිළිබඳව ශාස්ත‍්‍රවේදී උපාධිය, ආගමික අධ්‍යාපනය පිළිබඳව ශාස්ත‍්‍රවේදී උපාධිය ඇතුළු උපාධිලාභී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 95 දෙනෙකු වෙත උපාධි පිරිනැමීම මෙහිදී සිදු විය.

    එය සංකේතවත් කරමින් සිසුන් 15 දෙනෙකු වෙත උපාධි ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    ඇක්වයිනාස් විශ්වවිද්‍යාල ආයතනයේ කුලපති අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන්, උපකුලපති සුසික් මාක් ලාල් සිල්වා පියතුමා ප‍්‍රමුඛ පියතුමන්ලා ද, අමාත්‍ය ජෝන් අමරතුංග, ජෝෂප් මයිකල් පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya