ඇක්වයිනාස් ආයතනයේ 08 වන උපාධි ප්රදානෝත්සවය මෙය වන අතර මනෝවිද්‍යාව උපදේශනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය, තොරතුරු තාක්ෂණය පිළිබද ශාස්ත්‍රවේදී උපාධිය, ආගමික අධ්‍යාපනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ඇතුළු උපාධිලාභී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 95 දෙනෙකු වෙත උපාධි පිරිනැමීම මෙහිදී සිදු විය.
එය සංකේතවත් කරමින් සිසුන් 15 දෙනෙකු වෙත උපාධි ප්රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
ඇක්වයිනාස් විශ්වවිද්‍යාල ආයතනයේ කුලපති අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන්, උපකුලපති සුසික් මාක් ලාල් සිල්වා පියතුමා ප්රමුඛ පියතුමන්ලා ද, අමාත්‍ය ජෝන් අමරතුංග, ජෝෂප් මයිකල් පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.