මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු ජාතීන්ගේ ශක්තීන් රටේ දියුණුවට දායකකරගත යුතුයි - අගමැති

    ඔක්තෝබර් 17, 2017
    සැමදා බෙදී වෙන් වී සිටීමෙන් ශක්තිමත් රටක්, ජාතියක්, සෞභාග්‍යමත් ආර්ථියක් ගොඩනගා ගත නොහැකි බවත්  සියලු ජාතීන්ගේ ශක්තීන් හඳුනාගෙන ඒවා රටේ දියුණුවට විශාල වශයෙන් දායක කර ගත යුතු වන අතර ම ඒ සඳහා අපගේ කැපවීම, උනන්දුව ඉතාමත් අත්‍යවශ්‍ය වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
     
    අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගිය දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැති ජාතික දීපවාලී උත්සවයට සහභාගි වෙමිනි. 
     
    "දීපවාලී යනු ඉතා ඉපැරණි ආගමික චාරිත්‍රවලින් එකක්. ශ්‍රී ලාංකික අපි සියලු දෙනා ඊට ගෞරව කරනවා. අද අපේ රටේ දීපවාලී උත්සවය සමරන්නේ හින්දු බැතිමතුන් වශයෙන් පමණක් නොව ශ්‍රී ලාංකිකයන් ද වශයෙනුයි. අපේ රට බහු ආගමික, බහු ජාතිකත්ව නියෝජනයක් සහිත සියලු දෙනා එකට ජීවත් වන රටක්. විශේෂයෙන් සිංහල සංස්කෘතියට අනෙකුත් සංස්කෘතීන්ගෙන් විශාල ආභාෂයක් ලැබී තිබෙනවා. හින්දු, දමිළ පමණක් නොව මුස්ලිම් සංස්කෘතියෙන් ද සිංහල සංස්කෘතියට ආභාෂය ලැබී තිබෙනවා" යැයි ද කීය. 
     
    "2015 ජනවාරි 08දා අපි අලුත් ගමනක් ආරම්භ කළා. එයට නායකත්වය ලබා දුන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. අපි එදා එතුමා වටා එක් වී පොදු අපේක්‍ෂකයා ලෙස තෝරා ගෙන එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළා. එසේ කටයුතු කළේ විශාල අභියෝග මධ්‍යයේ බව කිව යුතුයි. ඒ සියලු අභියෝග අප ජයග්‍රහය කළා. ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම වෙනුවෙන් අපට පියවර ගැනීමට තිබෙනවා. මුලින්ම අපි කටයුතු කළේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් සුරැකීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම වෙනුවෙනුයි. ඒ සඳහා ශක්තිමත් නීතිරීති ඇති කළා. ඒ වගේම රටේ ආර්ථිකය ගොඩනැගීමටත්, ණය බර අඩුකර ගැනීමටත් ක්‍රියා කළා". 
     
    ඉතා කෙටි කාලයක් තුළ ජනතාවට අවශ්‍ය ආර්ථික සහන ලබාදීමට මෙන්ම ජීවන වියදම් ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට වත්මන් රජයට හැකි වූ බවත් මේ කටයුතු අතරේ දීර්ඝ කාලීනව රට සහ ජනතාව වෙනුවෙන් වැඩකටයුතු ගණනාවක් ආරම්භ කළ බවත් පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරයා අද වනවිට වඩා හොඳ සෞභාග්‍යමත් රටක් වෙනුවෙන් අවශ්‍ය අඩිතාලම දමා අවසන් බවත් පැවසීය.
     
    ජාතික සමගිය ගොඩනැගීමේ වැඩපිළිවෙළ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ලබන වසරේදී සම්පූර්ණ කර ගැනීමට  බලාපොරොත්තු වන බවත් .  බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා 2018 වනවිට වසර 70 ක් සම්පූර්ණ වන අවස්ථාවේදී අපේ රටට මෙන්ම ජනතාවට යහපත් දෙයක් තිළිණ කළ යුතු යැයි ද වැඩිදුරටත් පැවසීය.  
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya