මෙම 18 වනදාට යෙදෙන දීපවාලී උත්සවය උත්සවශ්‍රීයෙන් සැමරීමට ලොව පුරා හින්දු බැතිමතුන් සූදානම් වෙති.
ඒ නිමිත්තෙන් සියලුම හින්දු බැතිමතුන් වෙත ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ සුබපැතුම් මෙහිදී පිරිනැමිණි.
ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් උත්සවය පැවැත්වුණු අතර විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරු රැසක් සහ සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.