අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වනරෝපා ජාතික රුක් රෝපණ වැඩසටහන ඇරඹේ

    ඔක්තෝබර් 12, 2017

    ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණ හා වනරෝපා ජාතික රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) මහනුවර, දෙල්තොට, කන්දේතැන්න වැව් පරිශ්‍රයේදී  පැවැත්විණි.

    ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය පිළිබඳ සැකසු ග්‍රන්ථයක් ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූණු අතර, ''වනරෝපා'' ජාතික රුක් රෝපණ වැඩසටහන සංකේතවත් කරමින් පළතුරු පැළ පාසල් සිසුන් වෙත බෙදාදීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    අමාත්‍ය එස්.බී. දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මධ්‍යම පළාත් අමාත්‍යවරුන් වන තිළිණ බණ්ඩාර තෙන්නකෝන්, බන්දුල යාලේගම යන මහත්වරුන් ඇතුථ පළාතේ මැති ඇමතිවරුන් ද, පරිසර සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහනුවර දිස්ත්‍රීක් ලේකම් එච්.එම්.පී හිටිසේකර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින්, පාසල් දරුවන්, ප්‍රදේශවාසීන් ඇතුථ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya