අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම් ලාංඡනය ජනපතිට පළඳවයි

    ඔක්තෝබර් 11, 2017

    සෑම වසරකම ඔක්තෝබර් මස 10 වැනිදාට යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් වූ සැමරුම් ලාංඡනය  ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළැඳවීම සිදුකෙරිණි.

    ශ‍්‍රී ලංකා මානසික සෞඛ්‍ය සේවා ලාභීන්ගේ ක‍්‍රියාකාරී ජාලයේ අධ්‍යක්ෂ සුනිල් නානායක්කාර මහතා විසින් ලාංඡනය ජනාධිපතිතුමා වෙත පළඳවනු ලැබීය.

    මානසික සෞඛ්‍ය සේවා සැපයීම සඳහා ගෙයින් ගෙට ගොස් රෝගීන් රැකබලාගැනීමේ මෙහෙවර අගයමින් ශ‍්‍රී ලංකා මානසික සෞඛ්‍ය සේවාලාභීන්ගේ ක‍්‍රියාකාරී ජාලයේ සාමාජිකයින් වන එස්.ඒ. මේරිනෝනා මහත්මියට සහ ඩබ්.ඒ. නිකොලොස් මහතාට මෙහිදී ජනාධිපතිතුමා අතින් ඇගයීම් සම්මාන පිරිනැමිණි. ජනාධිපතිතුමා වෙනුවෙන් ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විණි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ‍්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රෂියා පෙන්සෙ, අතිරේක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මී සෝමතුංග, විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya